SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට පුරා ජාලගතව ගමන් අරඹා ඇති යුනයිටඩ් යූත් සංවිධානය පසුගියදා

අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණවන පරිදි පරිදි සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

 

ඒ හා සමගාමීව  යුනයිටඩ් යූත් සංචාරක එකමුතු මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යපාරික හමුවක් අනුරාධපුර අශොක් හෝටලයේදි පවත්වනු ලැබූ අතර  ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කරමින් සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන සාර්ථකව සිදු කරන ලදී.

 

මේ  අවස්ථාව සඳහා යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, යුනයිටඩ් යූත් වෛද්‍ය එකමුතුවේ අධ්‍යක්ෂ ජනරාල් හෘද රෝග විශේෂඥ වෛද්‍ය හර්ශන සමරසිංහ සහභාගි වී සිටියා.

 

united youth logo

 

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය හර්ශන සමරසිංහ..

 

“අපට රටක් විදිහට, ජනතාව විදිහට, ඡන්ද දායකයින් විදිහට අලුතින් හිතන්න ඕන කාලයක් දැන් ඇවිත් තියෙන්නේ. අපි බංකොලොත් වූ රටක් කියලා ලෝකයටම ප්‍රකාශ කළා. දැන් ක්‍රම ක්‍රමයෙන් බංකොළොත් භාවයෙන් මිදිලා, ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලබමින් සිටින අවස්ථාවක්. අපි මේ අවස්ථාවේ දැන් ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් අපි අපේ රට ගැන, අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න ඕනේ. එහෙනම් අපි දැන් පරණ ක්‍රමයට කල්පනා කරලා තීරණ අරගෙන හරියන්නෙ නෑ .ඔබට අලුත් ක්‍රමයක් ගැන අලුතින් හිතන්න වෙලා තියෙනවා.

 

වෘත්තීයවේදීන් හැටියට මම හිතනවා, මේ රට දියුණු කරන්න නම්,  අනිවාර්යෙන්ම ජාතික ප්‍රථිපත්තියකට යොමුවීම අත්‍යවශ්‍ය කරුණක් කියලා. ඒ සඳහා අපට ජාතික සැලැස්මක් අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තියක් නැතිව රටක් දියුණු කරන්න බෑ. රටක් දියුනු කරන්න ජාතික ප්‍රතිපත්තියක් වගේම, විනයක්, මූල්‍ය විනයක්, විනිවිදභාවයෙන් යුක්ත  ටෙන්ඩර් සහ සංවර්ධන  ව්‍යපෘතියක් මෙන්ම  දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් සඳහා වැඩපිලිවෙලක් අවශ්‍ය වෙනවා.

 

ඒ සඳහා අප මුලින්ම කළ යුතු වන්නේ ජාතික ප්‍රතිපත්තියකට යොමු වීමයි. එනම් සෑම දේශපාලන පක්ෂයක්ම ඉදිරි මැතිවරණ වලදී බොරු පොරොන්දු මැතිවරණ ප්‍රකාශන දෙනවාට වඩා රට සංවර්ධනය කලහැකි ජාතික ප්‍රථිපත්ති සහ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුයි.

 

වෘත්තීයවේදීන්, උගතුන්, බුද්ධිමතුන් පමණක් නොව ශ්‍රී ලංකාවේ වාසය කරන සෑම ජනකොටසක්ම මේ සඳහා තමාගේ අදහස් යොමු කළ යුතුයි. එවිටයි අපිට හැකි වෙන්නේ කුමන රජයක් බලයට පත් වූවත් රටට ගැලපෙන නොවෙනස් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න. මම ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම ඒ වෙනුවෙන් කැප වෙලා උත්සාහයෙන් වැඩ කරන්න කියලා. සියලුම වෘත්තීයවේදීන් ගෙනුත් මා ඉල්ලා සිටිනවා ඒ සඳහා අප සමග එකතු වෙන්න කියලා. අපිට  අවශ්‍ය බොරු පොරොන්දු දේශපාලනයට තිත තියලා රට දියුණු කරන්නයි. දියුණු රටක් අපේ අනාගත පරපුරට භාර දෙන්නයි. ඒ වෙනුවෙන් ඔබ සැමගේ දායකත්වයත් කැපවීමත් අප අපේක්ෂා කරනවා".

 

WhatsApp Image 2024 06 22 at 21.03.331

 

@මාධ්‍ය ඒකකය - යුනයිටඩ් යූත් සංවිධානය