SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වී සාකච්ඡාවක නිරතව ඇත.

 

 

මාධ්‍ය ඒකකය දැනුම් දෙන්නේ කුඩා වතු හිමියන් ඉලක්ක කර ක්‍රියාත්මක ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන වැඩසටහනේ ප්‍රගතිය සහ  ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අර්බුදයට මුහුණ දීම සඳහා සැලසුම් කර ඇති පාසල් ආහාර වැඩසටහන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුනු බවයි.

 

එමෙන්ම ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI), පශු සම්පත් සහ දේශගුණික මුලපිරීම් පිළිබඳ සහයෝගීතාවන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.

 

 

 ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරිත්වය විධිමත් කිරීම සඳහා ගේට්ස් පදනමේ නායකත්වය විසින්  නුදුරේදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මුණ ගැසීමට බලාපොරොත්තු වන බව එම පදනම  ප්‍රකාශ කර ඇත.

 

 

@ Media unit