මාලිමාවේ ජනරැල්ල බස්සවන රනිල්ගේ උගුල-(ස්පාර්ටකස් ලිපි)
ජවිපෙට සහය දීමට ඉන්දියාව තීරණය කර ඇති බවක් පෙනේ. එම තීරණය ගැනීම සඳහා රට තුල මේ වන විට ගොඩනැගී ඇති තත්වය බලපා ඇත.
ජවිපෙට සහය දීමට ඉන්දියාව තීරණය කර ඇති බවක් පෙනේ. එම තීරණය ගැනීම සඳහා රට තුල මේ වන විට ගොඩනැගී ඇති තත්වය බලපා ඇත.
(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන ප්‍රාග්ධන ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප‍්‍රකාශනය)
වත්මන් ලක්වැසි ජනයාගෙන් බහුතර පිරිසකගේ කණට කතිකාව (Discourse) යන ශබ්දය ඇසෙන විට හෝ ඒ වචනය ලියූ අකුරු ටික ඇසින් දකින විට හෝ හිතේ ඇති කෙරෙන සිතුම (Signified) හෙවත් භාෂා-සංකල්පීය අරුත වන්නේ, ”අපි කතා බහට ගන්නා අදහස් ටිකක්” වැනි වූ සරල තෙරුමක් පමණි.
නමුත් දෙවන ලෝක යුද්ධය අවසන් වී යන එළිපත්තෙහිත්, ඒ සිට ඉන් ඉදිරියටත්, ඒ යුද්ධය නිසා ශාරීරිකව සහ මානසිකව මනුෂ්‍යයාටත්, අනෙක් පැත්තෙන් මනුෂ්‍යයා ජීවත් වූ භෞතික වටාපිටාවටත් සිදු වූ විනාශයන් පරයාගෙන සිතිවිල්ලෙන් නැගී සිටින්නට උත්සහ කළ යුරෝපය ප‍්‍රමුඛ ඇකඩමියාව සහ ඊට ප‍්‍රතිපක්ෂ සිතුම්-ධාරා-ප‍්‍රවාහ ද විසින් මනුස්ස සිතිවිල්ල නූතනත්වයෙනුත් (Modernity) තරමක් ඔබ්බට තල්ලූ කරවන සුළු සාධනීය ඉදිරිගාමී සිතුම්-සංවර්ධන (Developments of Signifieds) අත්පත් කරගත්හ.
එහිදී, නූතන-සංදර්භය පරයා යන ආර්-ථික විද්‍යා, මනෝ-විද්‍යා, පුරා-විද්‍යා, භූගර්භ-විද්‍යා, වාග්-විද්‍යා, මානව-වංශ-විද්‍යා සහ පෙළපත්-විද්‍යා (Genealogy) වැනි විද්‍යාවෝ රැසක් නව විෂය-සංදර්භ ආකාරයෙන් කලඑළි බසිමින්, එතෙක් විද්‍යාවට අදාළව ඒ සමාජ තුළ පැවති නූතන-සිතුම්-ක්ෂිතිජය (Modern Horizon of Signifieds) දෙපළුකොට, නූතනත්වය අභිබවා යන නව-නූතන-සිතුම්-ක්ෂිතිජයක් (Neo-Modern Horizon of Signifieds) විවර කරගන්නට උත්සහ කළහ.
එයින් දේශපාලානාර්-ථික විෂය ක්ෂේත‍්‍රයට අදාළ නූතන සංදාර්-භික හෙළිදරව් කිරීම් පවා පෙරට වඩා තීව්ර ලෙස ජනගත කිරීමට නව මං පෙත් පෑදුන බව පෙනේ. එලෙස ම, සාමාන්‍යයෙන් නව ප‍්‍රවනතාවක් කලඑළි බසින හැමවිටක දී ම සිදුවෙනවා වාගේ ම, මෙම නව ප‍්‍රවනතාවට ද පාක්ෂික වූ හෝ, ප‍්‍රතිපක්ෂ වූ හෝ, උදාසීන වූ හෝ එදිරිවාදී වූ හෝ වෙනත් ආකාර වූ හෝ ප‍්‍රතික‍්‍රියක වන සහ පිළිතුරු සපයන උප-ප‍්‍රවනතා ද ඇතිවිය.
මේ නව-නූතන සිතුම් ප‍්‍රවාහය නිසා, ලොව එතෙක් පැවති විෂයානුබද්ධ සිතුම්-ක‍්‍රම-පද්ධතීන් (Systems of Signifieds) බහුතරයක ආකෘති සහ අන්තර්ගත පෙරට වඩා ඉසියුම් වූ අකාරයකින් ප‍්‍රති-අර්-ථ -නිරූපණය කෙරුණා සේ ම, ඒවා අතරින් බොහොමයක් විෂය-පද්ධතීන් ඒවාට අදාළ සමස්ත භාෂා-සංදර්භයේ හරයන්ගෙන් ම කණපිට පෙරළුනු නවත ම අරුත්-පද්ධතීන් බවට ද පරිවර්තනය වූ බව හඳුනාගත හැකි ය.
මගේ කල්පනාවට අනුව, මේ අතරින් ආකෘතික හැඩරුවව මිසක අන්තර්ගතය (Content) වෙනස් කළ නොහැකි වූයේ කාල් මාක්ස් නැමති ප‍්‍රාඥයා විසින් එළිදරව් කර තිබූ ප‍්‍රාග්ධනය (Capital) පිළිබඳ යථා-ඓතිහාසික-සිතුම (Real Historical Signified) සහ සිග්මන් ෆ්‍රොයිඞ් විසින් එළිදරව් කර තිබූ අවිඥානය (Unconscious) පිළිබඳ යථා-ඓතිහාසික-සිතුම පමණිි.
නමුත්, මාකස් සහ ෆ්‍රොයිඞ් බිහිකළ මේ යථා-ඓතිහාසික-සිතුම් දෙක පැවතුණේ, ඒ සිතුම් දෙක කේන්ද්‍රයන් කරගත් සිතුම්-පද්ධති (Systems of signifieds) දෙකක් විදිහට යි. එනම් සංකේත පද්ධති දෙකක් විදිහට යි. එනයින්, ඒ සිතුම් පද්ධති දෙකෙහි ආකෘතික-හරයන් (Denominators of the Forms) පෙරට වඩා ඉසියුම් වූ ආකාරයකින් යළි අර්ත-නිරූපනය වීමට පමණක් සීමාවීම සිදුවිය. එයින්, මාක්ස් ප‍්‍රාග්ධනය (Capital) පිළිබඳ කළ හෙළිදරව්ව සහ ෆ්‍රොයිඞ් විසින් අවිඥානය (Unconscious) පිළිබඳ කළ හෙළිදරව්ව යන හෙළිදරව් දෙකෙහි අන්තර්ගතයන් කිසිලෙසකත් නිෂේධනය නොවී පෙරටත් වඩා ඔප මට්ටම් වී පළමුව යුරෝපයේ ද, ඉන්පසු ලොව අනෙක් ඉම් පෙදෙස්වල ද බුද්ධිමය ප‍්‍රජාවන් අතරට නව-නූතන දැනුමක් ලෙසින් කාන්දු වන්නට විය.
නමුත්, එයින්, මාකස්-විද්‍යාවට අදාළ ප‍්‍රාග්ධනය පිළිබඳ කෙන්ද්‍රීය-සිතුමේ (Central-Signified) හරය හෝ මනෝ-විද්‍යාවට අදාළ අවිඥානය පිළිබඳ කේන්ද්‍රීය-සිතුමේ හරය හෝ වෙනස් කළ නොහැකි විය. මන්දයත්, ඒ සිතුම් දෙක ම ලොව අදටත් ජීවමානව පවතින භෞතික සහ රසායන යථාර්තයන් දෙකක් තවමත් නියෝජනය කරමින් පවතින බැවිනි.
එනයින්, ආර්-ථික පද්ධතියක් තුළ ප‍්‍රාග්ධන-සමුච්චරකරණය (Capital Accumulation) නැමති භෞතික-රසායනික ක‍්‍රියාවලිය සහ ඊට අදාළ ශ‍්‍රමය වැගිරීම හා සම්බන්ධ ජෛව-රසායනික ක‍්‍රියාවලිය ලොව පවතින තුරාවට ම මාක්ස්-විද්‍යාවේ කේන්ද්‍රීය සිතුම අදටත් එලෙස ම වලංගුව පවති යි.
එලෙස ම මිනිස් මොළය තුළ පවතින රසායනික පද්ධතිය විසින් ස්ථර කිහිපයක් විදිහට මිනිසාගේ චිත්ත අභ්‍යන්තරය තුළට භාහිර ලෝකයෙන් ඊට අදාළ සිතුම්කාරක (Signifiers) උපුටාගෙන, ඒවා සිතුම් (Signifieds) ලෙසින් මිනිස් සිත් අභ්‍යන්තරයේ රඳවාගන්නා සහ ගබඩාකරගන්නා තුරාවට ම ෆ්‍රොයිඩියානු මනෝ-විද්‍යාවේ අවිඥානය පිළිබඳ කේන්ද්‍රීය-සිතුම ද අදටත් එලෙස ම වලංගුව පවති යි.
වත්මන් ප‍්‍රාග්ධන ගෝලීයකරණය (Globalization of Capital) ක‍්‍රියාවලිය හරහා බිහිකළ නව-නූතන-දේශපාලානාර්-ථික-සංදර්භය (Neo-Modern-Political-economic-Context) තුළින් නව-නූතන-දේශපාලානාර්-ථික ජයග‍්‍රහණ අත්පත් කරගැනීමට නම්, ප‍්‍රායෝගික පියවි ප‍්‍රාඥ යොමුවක පිහිටා සිටීම අවැසි ය. එ සඳහා යටකී නව-නූතන දැනුම ප‍්‍රවාහ වල පවතින සාධනීය ආකෘති සහ අන්තර්ගත භාවිතයට ගැනීම සහ නිෂේධනීය ආකෘති සහ අනතර්ගත බැහැර කිරීම අනිවාර්්‍යයෙන් සිදු කළ යුතු කටයුත්තක් වෙයි. එසේ නොමැතිව, නව-නූතන නිෂ්පාදන-උපකරණ (Neo-Modern Means of Production) හා සමාන්තරගතවෙමින් පවතින මේ නව-නූතන දැනුම අනදාළ යැයි සැලකීම හෝ, ඊට හුදු ලේබලයක් ගසා බැහැර කිරීම හෝ යනු, ගෝලීයකරණය නම් ලෝක තත්වය තුළින් නව-නූතන ජයග‍්‍රහණ අත්පත් කරගැනීම වෙත බාධා හෝ අවහිර ඇතිකරගැනීමකි.
ඒ නිසා, නියත දේශපාලානාර්-ථික ජයග‍්‍රහණ අත්කරගැනීමට නම්, වත්මන් ලක්වැසි ජනයාගෙන් බහුතරයක් දෙනාගේ කණට කතිකාව (Discourse) යන ශබ්දය ඇසෙන විට හෝ ඒ වචනය ලියූ අකුරු ටික ඇසින් දකින විට ඔවුන්ගේ හිතේ ඇතිවන සිතුම (Signified) හෙවත් භාෂා-සංකල්පය ”අප කතා බහට ගන්නා අදහස් ටිකක්” වැනි සරල පූර්ව-නූතන (Pre modern) අරුතකින් ඔබ්බට ගිය, ඊට වඩා විද්‍යාත්මක වූ යොමුවකින් යුතු සංකල්පීය අරුතක් බවට වර්ධනය කරගත යුතුව පවතී.
මන්ද, ඒ සඳහා අවශ්‍ය චින්තනමය උපකරණ සහ මෙවලම් මේ වන විටත් ලොව පහල වී ඇති බැවිනි. අනෙක් අතින්, ලක්දේශය ගොදුරුවී සිටින උභතෝකෝටික දේශපාලානාර්-ථික-ගැටයේ (Political-Economic Knot) තරම සහ සංකීර්-ණත්වය සලකා බැලීමේ දී, එය ලිහා ගැනීමට තරම් වන ඕනෑ ම අත්‍යාවශ්‍ය චින්තනමය තාක්ෂණයක් සහිත සිතුම්-උපකරණයක් භාවිතයට ගැනීමට ප‍්‍රගතිමී-සමාජ-ව්‍යාපාර (Progressive-Social-Movements) පසුබට නොවිය යුතු ය.
එහිදී, ලබාගත හැකි සෑම නව-නූතන සිතුම් සමුදායකින් ම ප‍්‍රාඥ වී සිටීම ලක්දේශයේ කුමන සමාජ බලවේගය විසින් මගහැර යනු ලැබුවත්, ජනතා විමුක්ති පෙරමුණට එය එසේ මගහැර යා නොහැකි ය. මන්ද, ඔවුන්, රටේ ඊළඟ සැබෑ දේශීය දේශපාලනාර්ථික වගකීම නැමති කුරුසිය කරට ගන්නට සිටින ලක්දේශයේ බහුතර නව-නූතන-පුනර්-ජීවන-ජන-බලවේගය (The Neo-Modern-Revival-Force of People) බවට පත්විය යුතුව පවතින එක ම සංවිධානය වන බැවිනි.
ඒ නිසා පෘථිවිය නව-නූතන ගෝලීයකරණ දේශපාලානාර්-ථික සංදර්භයකට යටත්ව පවතින මේ ගෙවෙන මොහොතේ, ජවිපෙට මේ නව-නුතන සංදර්භයට (Neo-Modern-Context) මහුණදීමේ වගකීම කර අරිමින් තවදුරටත් නූතන සංදර්භයක (Modern-Context) ම පමණක් රඳන යල්පැනගිය මාක්ස්වාදීන් වන්නට කිසිදු අයිතියක් නොමැත. ඔවුන් මාක්ස්-විද්‍යාව විසින් හෙළිදරව් කළ ප‍්‍රාග්ධනය පිළිබඳ කේන්ද්‍රීය සිතුම දරාගෙන කටයුතු කළ යුතු සේ ම, එය නව-නූතන දැනුමෙන් ඉසියුම් ඉම් පෙදෙස් කරා ගෙනයාමේ වගකීම ද එතරමින් ම කරටගෙන ඉටු කළ යුතු වෙයි.
ජවිපෙ සමාජ-සංවිධානයක් විදිහට නව-නූතන විද්‍යාවන්ගේ දැනුම සහ භාවිත උපුටාගත යුතු වුවත්, එයින් ලක්දේශය නව-නූතන-දේශපාලානාර්-ථික තත්වයක (Neo-Modern-Political-Economic Condition) පවතින්නක් බව අදහස් නොවේ. ලක්දේශය නව-නුතන-දේශපාලානාර්-ථික තත්වයක නොපැවතුනා වුව ද, මේ ගෙවෙන මොහොත වන විට නව-නූතන දේශපාලානාර්-ථික තත්වයක පවතින ලොව ප‍්‍රාග්ධන කේන්ද්‍රයන් බවට පත්වී ඇති රටවල් වලට හිස් අතින් මුහුණ දීමේ අභියෝගයට මුහුණ පා සිටින භෞමිකත්වයක් සහිත අසරණ ඉම් පෙදෙසකි.
එනයින් ලක්දේශයේ ඊළඟ සාධනීය දේශපාලානාර්-ථික ජයග‍්‍රහණය අත්පත් කරදීමට යොමුවී සිටින සමාජ බලවේගය හෝ සමාජ බලවේගයන් පවතින්නේ නම්, ඒවා අදාළ සියළු නව-නූතන නිෂ්පාදන උපකරණවලට විවෘත්තව, සියළු නව-නූතන-දැනුම-පද්ධතීන්ගෙන් (Neo-Modern Knowledge Systems) සන්නද්ධ වී සිටිය යුතුව පවතී.
නව-නූතන දැනුම සංදර්භයකට අනුව කතිකාව යනු ”අප කතා බහට ගන්නා අදහස් ටිකක්” යන හුදු-සිතුම පසුකර ගිය වඩාත් විද්‍යානුකූල අර්-ත-නිරූපනයකට යටත් සිතුමක් හෙවත් සංකල්පයකි.
සැබැවින් ම කතිකාව යනු යථාව (Real) පිළිබඳ පොදුවේ කතාබහ කරන සහ ලියන කියන ආයතනගත විධික‍්‍රමය (Institutionalized Method) යි. කතිකාව මගින් බුද්ධිමයව සිතිය යුත්තේ කුමක්ද සහ බුද්ධිමයව නොසිතිය යුත්තේ කුමක් ද යන්න අපට නිර්වචනය කර දෙයි. අප සිතන දේ බුද්ධිමත් ද නැති ද යන්න නිර්වචනය කිරීම සඳහා ආයතනයන්ට (Institutions) බලයක් ඇත. අප සිතන දේ බුද්ධිමත් වුණත් නැතත්, ආයතනය විසින් එය බුද්ධිමත් යැයි නිර්-දේශ කරනවා නම්, එය බුද්ධිමත් යැයි භාරගැනීමට ද, ආයතනය විසින් එය බුද්ධිමත් නැතැයි බැහැර කරනවා නම්, එය බුද්ධිමත් නැතැයි බැහැරකිරීමට ද අපට සිදුවේ.
කොහොමටත් කතිකාව යනු මානවයා නිසඟයට Intuition එරෙහි බලහත්කාරයකි.
නමුත් මුළුමනින් නිසඟයට ඉඩදීම නිවැරදි යැයි භාරගැනීම ද, 21 වන ශතවර්-ෂයේ නිෂ්පාදන උපකරණ භාවිතය අනුව ගත් කල අදේශපාලනාර්-ථික අරාජිකත්වයක් හෝ අයාලකාමීත්වයක් බවට පත්වෙයි.
එනිසා. අරාජිකත්වය සහ අයාලකාමීත්වය පිටුදැකීමේ සංවර්ධන අරමුණකින්, මෙය, දේශපාලනාර්-ථිකව හරි-වැරදි, හොඳ-නරක යන ප‍්‍රතිපක්ෂයන්ට අනුගාමී සංදර්භයක පිහටවුවහොත්, දියුණු ඉතිහාසයක් පසුකර පැමිණි වඩාත් යහපත්, සාධනීය සහ ප‍්‍රගතිගාමී ආයතන-පද්ධතියක (System of Institutions) පවතින මේ යටහත් කරගැනීමේ ක‍්‍රියාවලියට අවනවත වීම යනු සාපේක්ෂව ජනයාට පහසුව ඇති ඇතිකරවන්නක් සේ සැලකිය හැකිය. එලෙස ම, ස්වීය-ඉතිහාසය විකෘති කරගත් වඩා අයහපත්, නිෂේධනීය සහ අගතිගාමී ආයතන-පද්ධතියක පවතින මේ යටහත් කරගැනීමේ ක‍්‍රියාවලිය, ජනයාට අපහසුව සහ පීඩනය සහ අනවශ්‍ය ආයාසකර පැවැත්මක් ඇතිකරවන හිසරදයක් බවට පත්වෙයි.
අප සිතන දේ බුද්ධිමත් වුණත් නැතත්, ආයතනය විසින් එය බුද්ධිමත් යැයි නිර්දේශ කරනවා නම්, එය බුද්ධිමත් යැයි භාරගැනීම නැවත සලකා බලමු!
මෙය මනුස්සයෙක් සැබෑ ලෙස ම බුද්ධිමත්ව සිතනවාද නැති ද යන්න පිළිබඳ ඇගයීමක් නොවන අතර, ආයතනයක් එසේ කියන නිසා ම පිළිගැනීමට සිදුවීමකි. එනම්, කතිකාව යනු ආයතනය හරහා සමාජය දෙසට දියත් වන යම් සැඟවි බල-දේශපාලනයකට (Power-Politic) මිනිසාව යටත්කරගන්නා සිතුම්-යන්ත‍්‍රයකි (Instrument of Signifieds). මේ බල දේශපාලනය තුවක්කු බයිනෙත්තු පෙන්වීම හරහා සිදුකරන්නක් නොවේ. ස්වකැමැත්තෙන් මිනිසුන් තමන්ව ම ශික්ෂණය කර ගැනීමට උගන්වන ශික්ෂණ ක‍්‍රියාවලියක් හරහා ක‍්‍රමිකව කාලය ගනිමින් සිදුකරවන්නකි. ජනයා මත මේ බල-දේශපාලනය ක‍්‍රියාත්මක කර ජනයාව ඊට යටත් කරගන්නා යන්ත‍්‍රය අපේ පියවි ඇසට නොපෙනෙන භාෂාත්මක යන්ත‍්‍රය (Instrument of Language) කි. අප කතිකාව (Discourse) කියන්නේ, මෙන්න මේ භාෂාත්මක යන්ත‍්‍රයට යි.
උදාහරණයක් කිවහොත්, 5හේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන සිසුන් හෝ සිසුවියන්, ලක් දේශය තුළ බුද්ධිමත්ව සිතන දරුදැරියන් ලෙසත්, එයින් අසමත් දරුදැරියන් බුද්ධිමත්ව නොසිතන දරුදැරියන් ලෙසත් ප‍්‍රවර්ග කිරීම සැලකිය හැකි යි. එසේ ම සමාන්‍ය පෙළ විභාගය සමත් වන සිසුන් සහ අසමත් වන සිසුන් පිළිබඳව ද, උසස් පෙළ විභාගය සමත්වන සිසුන් සහ අසමත් වන සිසුන් පිළිබඳව ද, විශ්වවිද්‍යාලයෙන් නිර්දේශිත ඉහළ ම උපාධිය ලබන සිසුන් සහ නොලබන සිසුන් පිළිබඳව ද මේ ප‍්‍රවර්ග කිරීම ම සිදුකරනු ලැබේ.
මෙසේ ”විභාග සමත් වන සිසුන්” ”බුද්ධිමත්ව සිතන සිසුන්” යනුවෙන් ද, එනිසා ම “අසමත් වන සිසුන්” ”බුද්ධිමත්ව නොසිතන සිසුන්” යනුවෙන් ද කරනු ලබන නිර්වචනයට අප යටත් වී එය සැබැවක් ලෙස භාරගනු ලබන්නේ, සැබැවින්ම සමත් වන සිසුන් බුද්ධිමත්ව සිතන නිසා සහ අසමත් වන සිසුන් බුද්ධිමත්ව නොසිතන නිසා නොවේ. අධ්‍යාපනය පිළිබඳ බලයලත්-සමාජ-ආයතනයක් (Social-Institution of Authority) විසින් එසේ නිර්වචනය කර, ඒ නිර්වචනය ප‍්‍රශ්න නොකර ම භාරගැනීමට අපව දිගු කාලීනව ශික්ෂණය කර ඇති නිසා ය.
කිසිදු ආරක්ෂක අංශයක් මැදිහත් වී එළිපිට බලහත්කාරයෙන් මෙසේ බුද්ධිමත්ව සිතන සහ බුද්ධිමත්ව නොසිතන කියා අධ්‍යාපන ආයතනයක් විසින් පවත්වාගෙන ද්වී-සම්බන්ධ-ප‍්‍රතිපක්ෂයක් (Binary Opposition) භාරගන්නටැයි කියා හෝ, ඊට අදාළ කතිකාවකට යටත් වෙන්නටැයි කියා හෝ බලකර නැත. බලන්න, කවුරුත් කාටවත් බලකර නැත. නමුත්, අපි, නොදැන ස්වයංකාරකව ම යම් බල-දේශපාලනික යන්ත‍්‍රයකට (Instrument of Power Politics) අප එක එක්කෙනාගේ පෞද්ගලික සිතුම්-පද්ධති සාමූහිකව දන් දී ඇති බව පෙනේ. අපට, අපට ම කියා ස්වායත්ත-නිසඟයක් (Autonomous Intuition) නැති අතර, අප කෙරෙන් පල කෙරන ස්වායත්ත-නිසඟය ආයතන හරහා අප තුළ කාලානුරූපීව සහ ක‍්‍රමිකව ගොඩනංවන-ලද නිසඟයකි (Constructed Intuition). ඉතින් ඒ කතිකා යන්ත‍්‍රය මගින් අපව ස්වයං-පාලනය (Auto-control) කරවනවා මිසක, අපි ස්වාධීන මානවයින් ලෙස අපගේ ස්වයංපාලනය අප ම සිදුකරගන්නවා නොවේ.
එනම්, මේ කතිකාව නැමති සිතුම්-යන්ත‍්‍රය අප එකිනෙකාගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතීන් හැඩගස්වා ශික්ෂණය කොට ඇත. කතිකාව (Discourse) යනු මෙන්න මේ ශික්ෂණය කරදෙනු ලබන බල-දේශපාලනික යන්ත‍්‍රය යි. ඒ වෙනුවෙන් ශික්ෂණය විය යුතුයි කියා බලාත්කාරීව පෙනී සිටින පොලීසිය සමාන වන්නේ ආයතනයට යි. ඒ පොලීසියේ සොල්දාදුවෝ ඔබ ම යි.
එනයින් කතිකාව යනු “අපි කතා බහට ගන්නා හුදු අදහස් ටිකක්” නැමති ගතානුගතික සරල සංදර්භයෙන් ඔබ්බෙහි පවතින බල-දේශපාලන යන්ත‍්‍රයකි. එනයින් කතිකාවකට හසුවන්නා තුළ සැබැවින් ම ”නිදහස් අදහස්” නොපවතී. කතිකාවකට හසුවන්නා තුළ පවතින්නේ ”කතිකාවක් ලෙස ආයතනිකව පනවන ලද නිදහස් අදහස්” ගොන්නකි. එය කුඩා කල සිට අපගේ ශික්ෂණ අවයවක් ලෙසින් පැවතීම නිසා, පසු කලෙක, එලෙස ආයතන විසින් අප තුළ රෝපණය කළා වූ ”අදහස්” අපට ස්වභාවිකව අපේ ම අදහස් ලෙසින් අපට දැනෙන ලෙස අප තුළ ම ගොඩනැංවී ඇති නිසා, අප ඒවා ”නිදහස් අදහස්” යැයි වරදවා වටහාගෙන, ඊට යටත් වෙයි. ඒ අදහස් වෙනුවෙන් පෙනී සිටියි. අන් අයව ඊට යටත් කරගැනීමට පවා කටයුතු කරයි.
මෙහිදී වින්දිතයා (Victim) හානිකරගන්නා (Harmer) සහ පොලිසිය ද ඔබ ම යි. සබැවින්ම ඔබ පැමිණිල්ලක් කරන්නට නොදත් විත්තිකරුවෙකි. 1948න් පසුව ලක්වැසියන් විසින් වසර 70කට අධික කාලයක් මෙසේ චන්දය දුන්නේ, ඩොයිලියානු බෙදුම්වාදී ප‍්‍රභූ කතිකාවකට හසුවී මෙන්න මේ අයුරින් ”මට එරෙහිව මම” යන තත්වයට හසුවීම නිසා යැයි කිවහොත්, ඔබ ම පුදුමයට පත්වේවි.
මේ හෙළිදරව් කරගැනීමට අනුව, ඉබේ ම, ආයතනයකින් නිර්-දේශිත බුද්ධිමත්ව සිතීම සහ බුද්ධිමත්ව නොසිතීම යන්නත්, ආයතනයකින් පරිභාහිරව බුද්ධිමත්ව සිතීම සහ බද්ධිමත්ව නොසිතීම යන්නත් එකිනෙකට ප‍්‍රතිපක්ෂ යතාර්-ථ දෙකක් ලෙස පවතින බව අප අවබෝධ සිහියට ගත යුතු ය.
මෙලෙස, 1971කේ අවිඥානික ජාතික නිදහස් අරගලය විනිෂ්චය කරන එංගලන්තක මහරැජිනගේ ආණ්ඩුවේ අධිකරණ ආයතනයෙන් නිර්-දේශ කර තිබූ ”බුද්ධිමත්ව සිතීම” යනු මහරැජිනගේ සිලෝන් එකේ ඩොමීනියන් නීතියට යටත් වීම ය. ”බුද්ධිමත්ව නොසිතීම” යනු එම නීතියට සහ එය නිර්-දේශ කරන එංගලන්තක කිරීටය හිමි මහරැජිනට එරෙහිව කැරලි ගැසීම ය.
එහෙත්, මහරැජිනගේ ඩොමීනියන් අධිකරණ ආයතනයෙන් පිටත සහ ඊට එරෙහිව පැවති ජවිපෙ දේශපාලන බල මණ්ඩලයේ නිර්-දේශයට අනුව ”බුද්ධිමත්ව සිතීම” යනු මහරැජිනගේ ඩොමීනියන් නීතියට සහ එහි පාලකයින්ට එරෙහිව නිදහස උදෙසා අරගල කිරීම යි. ”බුද්ධිමත්ව නොසිතීම” යනු එම අරගලය පාවාදෙමින් එංගලන්තක මහරැජිනගේ පැත්ත ගැනීම යි.
1817දී මොනරවිල කැප්පෙටිපොල ප‍්‍රධානත්වයෙන් සිදුකළ මහා වෙල්ලස්ස ජාතික නිදහස් අරගලයට අදාළව ගත්ත ද, 1848 වසරේ ගොන්ගාලේ ගොඩ බණ්ඩාගේ සහ පුරන් අප්පුගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ උඩරට ජාතික නිදහස් අරගලයට අදාළව ගත්ත ද ”බුද්ධිමත්ව සිතීම” සහ ”බුද්ධිමත්ව නොසිතීම” පවැතුණේ එංගලන්තක ආයතන-පද්ධතියේ බලදේශපාලනික අර්-තකථනයට ප‍්‍රතිපක්ෂවූ සහ එදිරි වූ සහ එයින් වියුක්ත වූ වෙනත් ලක්දේශයේ පොදු සමාජය හිතකාමී සංදර්භයක බව ඔබ නොසිතන්නේ ද?
එලෙස ම 1948න් පසුව, රට පාලනය කොට මේ වන විට කැඞී බිඳී විසිරි ගොස් වෙනත් නම් වලින් පවා පෙනී සිටින තරමේ දුර්වල තත්වයකට පත්ව ඇති ශ‍්‍රිලනිපය සහ එජාපය විසින් වසර 76 ක් තිස්සේ පිළිගත් ආකාරයට අනුව ”බුද්ධිමත්ව සිතීම” යනු එංගලන්තක යටත්විජිතවාදීන් ගොඩනැගූ සිලෝන් එකේ ව්‍යවස්ථාව සහ නීතියට ඉඩදීම ද, එම නීතියට ම පැලැස්තර දම දමා යාමට ඉඩ දීම ද, තම වාසියට එම නීතිය ම උල්ලංඝනය කරන්නට වුවත් ඔවුන්ට ශ‍්‍රිලනිප-එජාප පාලකයින්ට ඉඩදී එකඟ වීම හෝ යටත් වීම ය. ”බුද්ධිමත්ව නොසිතීම” යනු එම නීතියට, එම නීතියට ම පැලැස්තර දම දමා යාමට ද, එම නීතිය උලලංඝනය කරීමට ද අදාළ නිර්-දේශිත දේශපාලන කතිකාවට එරෙහිව දේශපාලනය කිරීම හෝ අරගල කිරීම ය.
මේ ගෙවෙන මොහොතේ මේ පරදේසක්කාර නීතීයට රටේ ආර්ථි-කය ගිලගන්නට ඉඩ නොදීම ද, එම නීතිය විසින් එය ම උල්ලංඝනය කිරීම ද පෙන්වා දීමද කරන ජවිපෙ ප‍්‍රධාන ජාතික ජනබලවේගයට අනුව ”බුද්ධිමත්ව සිතීම” යනු එංගලන්තකවාදී නීතියට, එය විසින් එය ම උල්ලංඝනය කිරීමට සහ මෙතෙක් එය නියෝජනය කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටි පාලකයින්ට එරෙහිව ගොස් නිදහස උදෙසා අරගල කිරීම යි. ”බුද්ධිමත්ව නොසිතීම” යනු එම ජන අරගලය පාවාදෙමින් ශ‍්‍රිලනිප-එජාපයේ පැත්ත ගැනීම යි.
බලන්න මේ කතිකා දෙක හරියට ගැලපෙන්නේ නැති ආයුධ දෙකක් වගේ ය.
2024 වන විට මේ පවතින ආර්-ථික බංකොලොත්භාවයට සහ අධිරාජ්‍ය ගැති මානසික වහල්භාවයට හේතුව නම්, ගැලපෙන කතිකාව තෝරාගැනීමට චන්දදායකයා අසමත් වීම ය. මෙහිදී ශ‍්‍රිලනිපය සහ එජාපය යනු ද එක ම කතිකාව දෙවිදිහකට නිරූපනය කළ නොනිල ආයතන දෙකක් ලෙසින් පෙනී සිටි තනි එංගලන්තක ආයතනයක් ය.
මේ අනුව දැනුම යන්න නිදහස්ව පවතින්නක් හෝ නිදහස්ව භාවිතයට ගත හැක්කක් නොවන බව පැහැදිලි වෙනවා ඇත. දැනුම යන්න අපි නොදැනුවත්ව ම ආයතනික කතිකාවකට ගැතිව සහ යටත්ව භාවිතයට ගන්නක් බව තේරුම්ගත යුතු ය. එහිදී, ආයතනයකින් නිර්වචනය කරදුන් දැනුම සමාජ බලයක් නියෝජනය කරන අතර, ආයතනයක නිර්වචනයෙන් පරිභාහිර දැනුම හෝ ඒ නිර්වචනයට යටත් නොවූ දැනුමට සමාජය තුළ බලය අහිමි වී යයිි. 1971කේදී ජවිපෙ විසින් පැවැත් වූ පංති-05හ අදටත් බොහෝ උදවියට ජෝක් වන්නේ, හෝ සමහරුන් ඒ පිළිබඳව මෙලෝ හසරක් නොදන්නේ, එය, එකල පැවති යටත්විජිතවාදී ඩොමීනියන් පරිපාලන ආයතන පද්ධතිය නියෝජනය කළ කතිකා යන්ත‍්‍රයට එරෙහිව පැවැති නිසා ය.
නමුත්, ලක්දේශයේ තුළ පැවති එංගලන්තක යටත්විජිත රාජ්‍ය ආයතන පද්ධතිය විසින් අතු ඉති විහිදවන්නට උනන්දුවක් නොදැක් වූ කොළඹින් දුරස්තර පිටිසර පෙදෙස් වලට, 1971කේ පංති-05හ ගමන් කිරීම නිසා, තම ආයතනික අනන්‍යතාව තහවුරු කරගන්නට 1972 ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නට මහරැජිනට ගැතිව පැවති සමගි පෙරමුණු ආණ්ඩුවට සිදුවිය. මන්දයත්, කිසිදු රාජ්‍ය ආයතනයක මැදිහත් වීම නොලද පෙදෙස්වලට ද ජවිපෙ පංති 05හ ගමන් කර තිබුණි. එනයින් අවම තරමින්, ඒ පෙදෙස් වලට උප-තැපැල් කාර්යාලයක්වත් තනා දීම සඳහා 1972 වනවිට එකල රජයට තීරණයක් ගන්නට සිදුවි ය.
මෙය යටත්විජිත විරෝධී නිර්ප‍්‍රභූ කතිකාවක් හිස එසවීමෙන්, ඩොමීනියන් ආයතන සහිත පරිපාලන ආයතනික කතිකාව අර්-බුදයට යාවීය යන සැබෑ භීතිය යි. ඒ නිසා 1971කේදී ජවිපෙ සිදුකළ දේ, එහි කතිකාමය හරයෙන් ම කැරැල්ලකට එහා ගිය ජාතික නිදහස සඳහා වූ විමුක්ති අරගලයක ගුණය ගනී. එය කියන්නේ, ජවිපෙ නොවේ. එය නොකියා කියන්නේ, ඩොමීනියන් ව්‍යවස්ථාවට අනුව ගොඩනැගුණු එංගලන්තකවාදී අධිකරණ ආයතනය ම යි. ඔවුන් 1971කේ අරගලමය සිදුවීම නාමකරණය (Nomination) කරන්නේ ම ”මහරැජිනගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීම” යනුවෙනු යි. 1971කේ නිදහස් අරගලය හැරුණුකොට, මුළුමහත් දකුණු ආසියාව හාත්පස 20 වෙනි සියවස පුරා ම මහරැජිනට එරෙහිව යම් අරගලයක් සිදුවූවා නම් ඒ 1947දී සිදු වූ ඉන්දීය ජාතික නිදහස් අරගලය පමණි.
එහිදී, ඉතිං එංගලන්තක යටත්විජිත ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ හැඟවුම්කරණීය සංදර්භ දෙකක් අපට මීට පෙර ලක් ඉතිහාසයෙන් හමුවෙයි. එයින් එකක් 1848 දී එංගලන්තකයින්ගෙන් උඩරට රාජධානිය ගලවා ගැනීම සඳහා එංගලන්තක කිරීටයට එරෙහිව ගොන්ගාගෙල්ගොඩ බණ්ඩා, ඩිංගිරාල සහ වීර පුරන් අප්පු නායකත්වය දෙමින් දඹුළු විහාරයේ සිට මාතලේ දක්වාත් කුරුනෑගල දක්වාත් දියත් කළ ජාතික නිදහස් අරගලය යි. දෙවැන්න කැප්පෙටිපොල දිසාවේ විසින් දියත් කළ ඌව-වෙල්ලස්ස ජාතික නිදහස් අරගලය යි.
මේ ජාතික විමුක්ති අරගල මෙහෙය වූ විමුක්තිකාමී සාමූහිකත්වයන් විසින් බුද්ධිමත්ව සිතීම සහ බුද්ධිමත්ව නොසිතීම යන කල්පනාව ගොඩනැගුව කතිකා යන්ත‍්‍රයත්, ඔවුන්ට මරණ දඬුවම ඇතුළු දණ්ඩන පැමිණ වූ එංගලන්තක කිරීටය නියෝජනය කරන අධිකරණ ආයතන විසින් බුද්ධිමත්ව සිතීම සහ බුද්ධිමත්ව නොසිතීම යන කල්පනාව ගොඩනැගුව කතිකා යන්ත‍්‍රයත් එකිනෙකින් වෙන් වූ සබඳකමක් නැති සංදර්භ දෙකක් ය.
මේ කතිකා යන්ත‍්‍ර දෙක තවමත් අප අතර පවතී.
මෙයින් එක කතිකා යන්ත‍්‍රයක් දශක 07කට වැඩි කාලයක් ලක්දේශයේ පාලක-පක්ෂ නියෝජනය කළ අතර අනික් කතිකා-යන්ත‍්‍රය ඒ පාලක පක්ෂයේ මර්ධනයට යටත්ව පවැතියේ ය.
2024 වසරේ මේ වන විට පළමු කතිකා යන්ත‍්‍රයේ නියෝජිත උදවිය ආර්-ථීකය සංවර්ධනය කිරීමේ අසමත්භාවය හේතුවෙන් දෙවන කතිකා යන්ත‍්‍රය පාලන බලයේ දොරට තට්ටු කරමින් සිටී.
මෙයින් පළමුවැන්න එංගලන්තකවාදී කතිකාවේ සහ ඊට දාව බිහිවූ බටහිරවාදී ව්‍යවස්ථාව සමග තවමත් හැමනෙන එජාපය සහ ශ‍්‍රීලනිපය යි.
දෙවැන්න එංගලන්තකවාදී කතිකාවෙන් පිටත පවතින ජවිපෙ නියෝජනය කරන කතිකා යන්ත‍්‍රය යි.
ඔබව ජාතක කළ කතිකා යන්ත‍්‍රය කුමක් ද?
සියවසකට වැඩි කාලයක් තිස්සේ ඔබව නැවත නැවත ජාතක කළේ එංගලන්තකවාදී කතිකා යන්ත‍්‍රයට හෝ ඊට එරෙහි නැති ඒහි ම අනුරුවක් වූ ශ‍්‍රීලනිප-එජාපවාදී කතිකා යන්ත‍්‍රය (The Discourse of UNP-SLFP-ism) බව අවබෝධ නොවන තාක් කල් රටට ස්වීය සහ ස්වාධීන සංවර්ධනයක් කේන්ද්‍රීය වූ ආයතනික අනාගතයක් නොමැත. එතෙක් පවතින්නේ, 1948දී ලක්දේශයට එංගලන්තකයින්ගෙන් නිදහස ලබා දුන්නා යැයි කියන ප‍්‍රබන්ධයෙන් චන්ද දායකයා රවටන එජාප-ශ‍්‍රිලනිපවාදී කතිකා යන්ත‍්‍රය පමණි.
මෙහිදි, බලය සහ දැනුම යනු එකිනෙකට ප‍්‍රතිවිරෝධී සම්බන්ධතාවක පවතිමින් නඩත්තු වන ප‍්‍රපංච දෙකක් වෙයි. එනයින් කතිකාව යනු එක් අතකින් බල-උපකරණයක් (Instrument of Power) වන්නා සේ ම බලය සහ ප‍්‍රතිවිරෝධය හේතුවෙන් බිහිවන ඵලයක් ද වන්නේ ය. මේ අනුව කතිකාව යනු බලය නිෂ්පාදනය කොට, සම්ප්‍රේශනය කර පවරා දෙනු ලබන්නකි. එලෙස ම කතිකාව යනු බලය අනාවරණය කරදීමට සේ ම, බලය හීනකර පිරිහීමට ලක්කරවීමට ද හැකියාව ඇති අධිපති-සිතුම්-යන්ත‍්‍රයකිි (Authoritarian Instrument of Signifieds).
මන්දයත් සැබෑවක් වුවත්, මිත්‍යාවක් වුවත් කතිකාව යනු ජන-සමාජයක ජීවත්වන බහුතරයකගේ මනුස්ස මොළය ප‍්‍රධාන ස්නාය පද්ධතියේ හෞත-රසයානය සහ ජෛව-රසායනය තුළ එකවර රැඳී පවතින්නකි. එනිසා සැබෑවක් වුවත්, මිත්‍යාවක් වුවත් එම කතිකාවට අනුව හික්මවුණු මනුස්ස ශරීර බහුතරයක් සිටින තාක් කල්, ඊට පෘථිවිය මත සෘජු සහ වක‍්‍රාකාර භෞතික සංසිද්ධි ඇති කරවිය හැකි බලයක් පවතී. වසර 70ක් පුරා ජනයා ශ‍්‍රිලනිපය සහ එජාපය භෞතිකව තමන්ට කෙලින බව පෙනි පෙනීත් ලක්වැසි ජනයා ඔවුන්ට ම මාරුවෙන් මාරුවට චන්දය දුන්නේ, ලක්වැසි ජනයාගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතිය මෙන්න මේ එංගලන්තකවාදී සහ ඩොයිලිවාදී කතිකාවෙන් හික්මවාගෙන සිටිය නිසා ය.
උදාරණයක් ලෙස හිට්ලර්ට යුදෙව්වන්නට වඩා නාසි ජර්මන්වරුන් උතුම් යන මතය යථාවක් කරන්නට පුළුවන් වුණේ, සැබෑවට ම යුදෙව්වන්ට වඩා නාසි ජර්මන්වරු හෝ නාසි ජර්මන්වරුන්ට වඩා යුදෙව්වන් උතුම් වන නිසා නොවේ. හිට්ලර්ට ඒ මතය යථාවක් බවට පත්කරගන්නට පුළුවන් වූණේ, බහුතර නාසි ජර්මන් වැසියන්ගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධති වල පවතින භෞත රසායනයට සහ ජෛව-රසායනයට එම එක ම මතය ඇතුළු කිරීම ද, නාසි ජර්මන්වරුන් විසින් ඒ මතය තමන් තුළට ඇතුළුවීම භාර ගැනීම ද යන අන්‍යෝන්‍ය ද්වී-පාර්ශවික-ක‍්‍රියාවලිය සඳහා එකල සමාජ-අවකාශයක් පවැතුණ බැවිනි. එම අවකාශය හරහා තම මතය කතිකාවක් ලෙස සමාජය තුළ ප‍්‍රති-නිර්මාණය කරගන්නට හිට්ලර්ට පුළුවන් වු බැවිනි.
මේ කතිකාව භෞතික ද?
උත්තරය නම්, හිට්ලර්-ගේ යටකී අදහස හෝ මතය භෞතික මිනිස් ශරීර විසින් දරාගෙන සිටින තාක් කල් එය භෞතික ය. කොතරම් භෞතික ද කියනවා නම්, භෞතික යුදෙව් මිනිස් ශරීර මිලියන 06ක් මරා දැමිය හැකි තරමට සහ භාහිර භෞතික සම්පත් අතිවිශාල ප‍්‍රමාණයක් විනාශ කළ හැකිවන තරමට ඒ නාසිවාදී කතිකාව භෞතික ය. ඒ නිසා, පෘථිවියේ සැබෑ ස්වභාවික පැවැත්මට අදාළ නැති පාරභෞතික මතයක් වුවත්, ජනයා නොපිලිගන්නා තෙක් එය පාරභෞතිකව අහසේ පාවෙන මතයකි. නමුත් ඒ මතය බහුතර ජන පිරිසක් පිළිගෙන සහ බාරගෙන එයින් ම හික්මවනු ලැබුණු පසුව, එය නව-කෘතිම විනාශයක් දෙසට යන භෞතික යථාවක් හෝ ජනයාට සාධනීය භෞතික යථාවක් හෝ බවට පත්කරගත හැකි කාල-අවකාශ ප‍්‍රස්ථාවක් පවතී. කතිකාව පිළිබඳ කතිකා-විද්‍යාව (Science of Doscours) නම් එය යි.
මෙය සිදුකරනු ලබන්නේ කතිකාව නැමති සිතුම්-යන්ත‍්‍රය මගිනි.
කතිකාව නැමති ස්වයංසිද්ධයන් ඇති කරන බල-යන්ත‍්‍රය මගිනි.
කතිකා-විද්‍යාවට අනුව නව-නූතන-දේශපාලනාර්-ථික ජයග‍්‍රහණයක් අත්කරගන්නවා යනු එතෙක් පැවති කතිකාවන් අහෝසි කොට, වෙනත් නව-කතිකාවක් හෙවත් සිතුම්-යන්ත‍්‍රයක් විසින් බහුතර ජනසිත්වල බලය ඇල්ලීම යි. මෙය කතිකාමය දේශපාලනය ලෙස හැඳින්විය හැකි යි. මේ කතිකාමය වෙනස හිටිලර් කළා සේ කුමන්ත‍්‍රණයක් ලෙසින් කරලියට පැමිණිය හැකි සේ ම, ගාන්ධි කළා සේ පුනර්-ජීවන ව්‍යාපාරයක් ලෙසින් ද කරලියට පැමිණිය හැකි ය. ලෙනින් කළා සේ හෙජමොනික (මතවාදී ආධිපත්‍යයික) බහුජන-දේශපාලනයක් ලෙසිනුත් කරලියට පැමිණිය හැකි ය.
බලන්න, කතිකාව යනු හුදු ”අප කතා බහට ගන්නා අදහස් ටිකක්” ම නොවේ. කතිකාව යනු සමාජ-බල-යන්ත‍්‍රයකි. කතිකාව යනු බලය සහ ප‍්‍රතිවිරෝධයේ ම ඵලයකි. ඒ නිසා සුළු පිරිසක් කෙතරම් සාධනීය අදහස් ටිකක් දරා සිටිය ද, එසේ ඒ අදහස් ටික සුළු-පිරිසක් පමණක් දරා සිටින පමණින්, ඒ අදහස් කෙතරම් නිවැරදි හෝ යහපත් වුවත්, ඒවා කතිකාවක් වන්නට සුදුසුකම් ලබන්නේ නැත. බුදුන් ඉපැදුන ඉන්දියාව විසින් වසර දෙදහස් පන්සීයක් ගෙවී අදටත් බුදු-දහම දෙවෙනි තැනක ලා සලකන්නේ, බුදු-දහමට ඉන්දියාව තුළ ප‍්‍රධාන කතිකාව වන්නට ඉඩ නොදෙන, උපභාෂා ද සහිතව භාෂා 400ක් යොදාගෙන අදහන සහ සමරන වෙනත් ආගම් සහ දහම් නහුතයක් සමස්ත කතිකාමය ආධිපත්‍යයක් ලෙසින් ඉන්දියාව තුළ පවතින බැවිනි. එනම්, බහුතර ඉන්දීය ජනයාගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධති තුළ පවතින බැවිනි.
නමුත්, එය බහුතරයකට ඒත්තු ගන්වන්නට හැකි වුණොත්, එය නියෝජනය කරන බහුතර මිනිස් ශරීර ප‍්‍රමාණය අනුව එය කතිකාවක් බවට හැරෙයි. එනම් බල-යන්ත‍්‍රයක් බවට පත්වෙයි. ඒ නිසා කතිකාව යනු හරි හෝ වැරදි, නැතිනම් හොඳ හෝ නරක වුව ද බහුතරයක් උදවිය පිළිපිදින සමස්ත අධිපති අරුත කෙන්ද්‍රයේ පිහිටුවා බිහිකළ මතවාදයක් සහිත ශික්ෂණ-භාෂා-යන්ත‍්‍රයකි (Pedagogical Language Machine).
1801 වසරේ ලක්දේශයට පැමිණි ජෝන් ඩොයිලි නම් එංගලන්තක යටත්විජිවාදී බෙදුම්වාදියා මේ නව-දැනුම බිහි වූ දෙවන ලෝක යුධ සමයෙන් පසු අවධිය තෙක් ජීවතුන් අතර නොසිටිය අයෙක් වුව ද, ඔහු කතිකා බිහිකිරීම සඳහා යටත්විජිත බල-දේශපාලනය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් හුදු අනුභූතික සංවේදනීය-දැනීම හෙවත් අනුසෝතගාමීත්වය හෙවත් සංවේදනය (Sense) පසුකර ගොස් හමුවන සංජානනික අවබෝධය වන පටිසෝතගාමී (Perceptional) අවබෝධයක සිටි බව හෙළිදරව් වේ. ඒ නිසා දෙවන ලෝක යුධ සමයෙන් පසුව බිහිවූ මේ කතිකා-විද්‍යාත්මක දැනුම යනු ජොන් ඩොයිලි ප‍්‍රමුඛ ඔහුගේ ඔත්තු සේවය විසින් ලක්දේශය පුරා ගෙනගිය මානසික යුද්ධය තේරුම්කර දී හෙළිදරව් කිරීමට අපට යොදාගත හැකි නව-නූතන සිතුම් තාක්ෂණයේ න්‍යායික උපකරණයකි.
මේ අනුව, 1956 වසරේ ”සිංහල ඔන්ලි” හෙවත් ”සිංහල පමණයි” යනුවෙන් කරලියට ආවේ, කාගේ හෝ හිතට ඔහේ කඩා පාත් වූ හුදු හුදෙකලා ව්‍යවස්ථාපිත පනතක් පමණක් ම නොවේ. ඒ කියන්නේ, බණ්ඩාරනායකට උදෙෑසන ඇඳේ වෙනින් පැත්තකින් නැගිටින්න වීම නිසා හදිසියේ ඔහුගේ මොළගෙඩියට ආපු ක්‍රියේටිව් අයිඩියා එකක් ද නොවේ. මේ ”සිංහල ඔන්ලි” සංකල්පය 1956ට වඩා සියවසකට අධික ඉතිහාසයක් ඇති එංගලනන්තක කතිකා යන්ත‍්‍රයක කේන්ද්‍රීය-සිතුමේ සැබෑ හරය එංගලන්තකවාදී ලක්දේශීය ප‍්‍රභූ පැලැන්තිකයෙකු අතින් කූටප්ප‍්‍රාප්තියට පත්වීමකි. එනම්. එංගලන්තකයෝ විසින් හංගාගෙන ගැහුව ගේම නිරුවත් කරගෙන බණ්ඩාරනායකගේ අතින් එංගලනත්ක බෙදුම්වාදී කතිකාවක හරයට අදාළ පූසා මල්ලලෙන් එළියට පැනීමකි.
1801 ගෙවී යන මුල් කාලයේ දී මෙය, ඩෙයිලිගේ ඔත්තු සේවා යාන්ත‍්‍රණයේ මැදිහත්වීමෙන් ලක්දේශයේ වැසියන්ගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතීන් වල භෞත-රසායනයට සහ ජෛව-රසායනයට අදහස් ඇතුළු කර ශික්ෂණය කරමින් වසර සීයකට වැඩි කාලයක් පවත්වාගෙන ආ ව්‍යාජ කෘතිම බෙදුම්වාදී මිත්‍යාමතික අධිපති මතයකි. ”සිංහල ඔන්ලි” යනු ඒහි කූටාප්ප‍්‍රාප්තිය යි. එය, 1801 සිට වසර සීයකට අධික කාලයක් පුරා කෙමෙන් ස්ථාවර කතිකාවක් බවට පත්වී වැඩුණි. බන්ඩාරනායක විසින් 1956 දී ඩොමිනීයන් ව්‍යවස්ථාව හරහා සෘජුව ම සමරනු ලැබුවේ හුදු රාජ්‍ය පනතක් පමණක් බව අදටත් බොහෝ සාරසංග‍්‍රහවාදී උගතුන් අවධාරණය කරන්නට හදති. නමුත් සිංහල ඔන්ලි යනු හුදු පනතක් නොව, ඩොයිලියානු එංගලන්තකවාදීන් අපේක්ෂා කළ ”සිංහලකමේ” කතිකා යන්ත‍්‍රය නියෝජනය කළ ආධිපති-මතය යි.
එනයින්, ”සිංහල ඔන්ලි” යනු, කොයි ආකාරයකින් හැදෑරුවත්, 1815ට පෙර ලක්දේශයේ තිබූ සිංහල කිරීටය සමයානුබද්ධව, කිරීටය විසින් නිර්වචනය කළ සිංහලකම හා සමගින් මෙලෝ ඓන්ද්‍රීය සම්බන්ධයක් නොමැති පරගැති සංකල්පයකි. එය, එස්.ඩබ්ලිව්. ආර්. ඞී. බන්ඩාරනායක හෝ සිංහල-මහ-සභාව හෝ මහජන එක්සත් පෙරමුණ හෝ, ශ‍්‍රිලනිපය හෝ, සංඝ සංස්ථාවේ සුළුතර ප‍්‍රභූ සංඝ උන්නාන්සේලා හෝ නියෝජනය කරන සිංහල නම් ඇති උදවිය ගෙනහැර පෑ පමණින්, 1815ට පෙර පැවති සැබෑ සිංහලකමහි (True Sinhality) කිසිදු භෞතික හෝ චින්තනමය සාරයක් නියෝජනය කරන්නේ නැත.
මෙය ලක්දේශික ප‍්‍රභූන් එංගලන්තකවාදී සංකල්පයක් තමන්ගේ කරගෙන හෝ, එංගලන්තකවාදී අනන්‍යතාවයක් කරගෙන තමන්ගේ හෝ එය සබෑ සිංහලකම ලෙසින් ප‍්‍රදර්ශනය කළ පළමු අවස්ථාව නොවේ. ඊට හොඳ ම උදාහරණය සොලමන් වෙස්ට් බරිජ්වේ දියස් බණ්ඩාරනායකගේ පියා වූ සර් සොලමන් ඩයස් අබේවික‍්‍රම ජයතිලක සෙනෙවිරත්න රජ කුමරුන් කඩු කරලූ බන්ඩාරනායකගේ ජීවිත අනන්‍යතාවය යි.
මුළුමනින් ම එංගලන්තකයෙකු ලෙස රූපාන්තරණය වී, එංගලන්තක කිරීටයේ අනුරුවක් ලෙස දිවි ගෙවූ මොහු ද තමන් කළ කී සියළු දෑ ”සැබෑ සිංහලකම” ලෙසින් සමාන්‍ය ජනයාට ඒත්තු ගන්වන්නට උත්සහ කළේ ය. සැබෑව නම් ඔහු සැබෑ සිංහලකම හෝ සැබෑ දෙමලකම කුමක්ද කියා නොදැන සිටියෙකු වීම යි. එනයින්, ඔහු එංගලන්තකවාදීන් අපේක්ෂා කළ ”සිංහලකමේ” සාරය සැබෑ සිංහලකම යැයි වරදවා වටහාගෙන, එය තම අනන්‍යතාවය ද කරගෙන රටට සහ රටවැසියන්ට බොල් වූ ජීවිතයක් ගෙවා දමා මිය පරලොව ගියේ ය.
ඔහුගේ පුත් සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්චාරණායක හෙවත් එස්. ඩබිලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක හදිසියේ තම පියාගේ පැවැත්මේ හරයෙන් මුළුමනින් ම මිදී විප්ලවීය එකක් බවට පත්වූයේ යැයි පුහු මතයක් කතිකා-විද්‍යාවන් නොහදාරන සහ අවස්ථාවාදී වන පාක්ෂික උදවිය අතර පවතී.
සැබෑව නම්, සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායක විසින් තම පියාගේ එංගලන්තක ව්‍යාජ සිංහල අනන්‍යතාවට විරුද්ධව කරන්නට හැදූ හැම දෙයක් ම නැවත එංගලන්තකයින්ගේ ව්‍යාජ සිංහලකමේ ම ප‍්‍රක්ෂේපිත-පිළිබිඹුවක් (Reflective Image) බවට පත්වීම යි. එවිට මේ වාද-විෂය සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායකගේ සමාජීය-විශ්වයේ (Social Universe) සිට ඔහුගේ පුද්ගලිකත්වයට අදාළ මනොවිශ්ලේශනික විශ්වය (Psychological Universe) දක්වා ස්ථාන-මාරු (Shift) වෙයි.
තමන් නොදැන, තම විරුද්ධවාදියා ලෙස සලකන අවිඥානික අනෙකාට (Unconscious Other) තමන් විරුද්ධව වන්නට හදන්නේ කෙතරම් ද, එයින් තමන් කෙරෙන් තව තවත් සහ වඩ වඩාත් අනෙකාව ම පිළිබිඹු කරවයි.
තේරුම්කරදීමේ පහසුව තකා ආසන්න ඉතිහාසයේ සමාජ-මනෝ-විද්‍යාත්මක (Social-psychological) උදාහරණයක් ගෙනහැරපෑවහොත්, කලක් පාඨලී චම්පික චම්පික රණවක විසින් තම විරුද්ධවාදියා ලෙස සලකන ඔහුගේ අනෙකා වූයේ ප‍්‍රභාකරන් නැමති දමිල ජනයාගේ වීරයෙකි. ඔහු විසින් ප‍්‍රභාකරන් නැමති තම සමාජ-අනෙකාට (Social Other) එරෙහිව යන්නට ගොස් ප‍්‍රභාකරන්ගේ ආන්තික-ලක්ෂණ (Extremist Qualities) සහිත සිංහලයෙක් ලෙසින් වඩා වඩා සිංහල නාමකරණය යටතේ ප‍්‍රභාකරන්ව ම පිළිබිඹු කළේ ය.
ඒහෙත් ප‍්‍රභාකරන් තම සමාජීය හෝ දේශපාලන අනෙකා නොකරගත් මහින්ද රාජපක්ෂ ඒ් ගෙවුණ මොහොතේ තම සමාජීය දේශපාලනික අනෙකා වූ බන්ඩාරනායකවරියක් වූ චන්ද්‍රිකාට පෙන්නට, ඉන්දියාවේ සිට ලැබුණ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ සෝනියා ගාන්ධි ගේ කලාපීය සහයොගීතාවයේ ද අනුහසින් සරත් ෆොන්සේකාගේ යුධ අත්දැකීම් ඥානය යෙදවා ප‍්‍රභාකරන්ව මරා දැම්මේ ය.
එයින් මතු චම්පිකට දේශපාලන අනෙකෙක් නැතිව, එනිසා ම දේශපාලනික අනන්‍යතාවක් ද නැතිව ඔහු සමාජ-මනෝ-විශ්ලේෂණිකව වල්මත් විය. තම ආන්තික රැඩිකල් සිංහල ජාතිවාදී ප‍්‍රතිරූපය පවත්වාගෙන යන්නට තවදුරටත් ඔහුට අනෙකෙක් නොමැති විය. එහිදී ඔහු ඒ අනන්‍යතා අර්බුදය සුවපත් කරගන්නට තමන් තුළ ම මානසික-ස්ථානමාරුවක් (Psychological Shift) අරගත්තේ ය. ඔහු තුළ පෙර තිබූ ප‍්‍රභාකරන් අනෙකා කරගත් රැඩිකල් අනන්‍යතාව ඔහු විසින් ම සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බන්ඩාරනායක සහ ජේ. ආර්. ජයවර්ධන වැන්නවුන් අනෙකා කරගන්නට හදන, සම්ප‍්‍රදායක දේශපාලනය තුළින් කෑල්ලක් කඩාගන්නට හදන සාමකාමී පූස්පැටියෙක් කරගත්තේ ය. එයින්, තම බද්ධිය ප‍්‍රදර්ශනකාමය කරගත් නොනිල ශ‍්‍රිලනිප-එජාප පෞර්ෂයක් බවට රූපාන්තරණය වුණේ ය.
ඔහුගේ මෙම අදිසි වෙනස්වීම (Illusive change) සමාජීය සංදර්භයක් තුළ අවස්ථාවාදය ලෙසින් අත්දකින්නට සිදු වූ සහ ඔහුගේ පෙර රැඩිකල් ප‍්‍රතිරූපය නිසාවෙන් ඔහු පිටුපස ඇවිත් ශ‍්‍රමය සහ කාලය කැප කළා වූ ආධාරකරුවන්ට මල පැන්නේ ය. චම්පික තමන් තුළ වූ රැඩිකල් නායකයාව අත්හල නිසා බොහා් පිරිස් ඔහුව අතහැර පවා ගියහ. මන්ද, සමාජ විද්‍යාත්මක ඇසකින් බැලූවොත් ඔහු කර ඇත්තේ අවස්ථාවාදී පාවාදීමකි. නමුත් මනෝ-විශ්ලේශණ අරුතකින් ඔහු කරගෙන ඇත්තේ අනන්‍යතා ප්‍රතිසැකසුමකි.
නමුත් මනෝ-විශ්ලේෂණික ඇසකින් බැලූවොත්, ඔහු කර ඇත්තේ තම අනන්‍යතා අර්බුදය සුවපත් කරගන්නට අවිඥානික-මානසික-ස්ථාන-මාරුවක් (Unconscious Mental Shift) ලබාගැනීම ය. සබෑවට ම ගතහොත්, චම්පික ගණිත සහ භෞතික විද්‍යා විෂයධාරියෙකු වූ නිසා සහ සාපේක්ෂ බුද්ධිමතෙකු වූ නිසා මේ සථාන-මාරුව නිසා තමන් තුළ මහා අසමතුළිතතාවක් ඇති කර නොගෙන තම අධාරකරුවන් පමණක් අසමතුළිත වන සීමාවෙන් ජයගත්තේ ය.
නමුත් විජේවීර තුවක්කුවෙන් කරපු දේ මම වචනවලින් කරනවා යැයි 90 දශකයේ දී මහා-රැඩිකල් ටෝක් දීි, ස්ථාවර පෞර්ෂයක් ලෙසින් පෙනීසිටි (Pretend) දීප්ති කුමාර ගුණරත්න, ඔහු බිහිකළ එක්ස් කණ්ඩායම කැඞී විසිරී යාමත් සමඟ ඇති වූ තම සමාජ-අසමබරතාව ජයගන්නට, පළමුව, හැම දේශපාලන පිළිකන්නක් ගාණේ ම රවුම් ගසා, අවසානයේ ජනාධිපති තාත්තගේ දුවණියගෙන් ද ප‍්‍රතික්ෂේප වී පසුව අයි.ටී.එන්. ටීවී පඩංගුවේ මොඩරේටර් කෙනෙකු තැනින් කෙලවර වී තම නැති වූ අනන්‍යතාවයෙහි සමබර ස්ථාන-මාරුවක් අත්කරගන්නට තවමත් දෛනිකව මහා ආයාසකර මානසික වෙහෙසක් දරණ සහ ඊට අවිඥානිකව හසුවී සිටින ඒක ඒකාගේ උසුළු විසිළු වලට ලක්වන පොලිටිකල් විගඩමක් (Political Clown) බවට පත්වී ඇත.එහිදී ඔහුට අවම තරමින් තම අනාගත උස් දේශපාලන වෘත්තීකභාව උදෙසාවත් චම්පිකගේ ස්ථාන-මාරු ක‍්‍රියාවලියෙන් (Process of Shift) බොහෝ පාඩම් උගෙන ගන්නට ඇති බව පෙනේ.
(තාත්තාට විරුද්ධ දේ කරන්නට ගොස් තාත්තා කළ දේ ම කරන්නට සිදුකරන චෛතසික රූපය හෙවත් ප‍්‍රක්ෂේපිත-පිළිබිඹුව නැමති මනෝ-විශ්ලේෂනික සංකල්පය පිළිඳව වෙනත් සංවාද ග‍්‍රන්ථයකින් ගෙනහැර දක්වන්නට අපේක්ෂාවක් කතුවරයාට ඇත. මන්ද සමාජ චරිතවල අනන්‍යතා අර්-බුද විසඳීම මේ ගෙවෙන මොහොතේ පොදු සමාජ අවශ්‍යතාව නොවේ. එය මේ ගෙවෙන මොහොතේ සමාජ අවශ්‍යතාව නොවන නිසා, එතෙක් සජිත් ප්‍රේමදාසට තම අසමබර පීතෘ බලපෑමෙන් වී ඇති දේවල් හොඳින් සෝදිසි-පිරීක්ෂා කළහොත්, බණ්ඩාරනායකට අවිඥානිකව සිද්ධවෙච්ච දේ ඔබට නිරික්සා ගැනීමට හැකිවනු ඇත.)
චම්පිකට කාටත් නොපෙනෙන්නට මේ ස්ථාන-මාරුව කරගැනීම සහ නිසොල්මන් සමතුළිතාවයකට පත්වීමෙන් පෙන්නුයේ, ඔහුගේ ජීව-විද්‍යාත්මක පීතෘත්ව යම්කිසි ආකාරයකට සංස්කෘතිකව ස්ථාවර නොසැලෙන මානසිකව නිරෝගී පිරිමි ගුණයක හිමිකරුවෙකු බවයි.
නමුත් එස්. ඩබ්ලිව්. ආර්. ඞී බණ්ඩාරනායකගේ මව ඔහුගේ පියා වූ සොලමන්ගේ එංගලන්තකවාදී ස්ථාවරයේ පැවැත්මෙන් අර්ධ ලෙස ගැලවී ගොස් තම අනන්‍යතා අර්-බුදය විසඳාගන්නට වෙනත් නිවෙසෙක දිවි ගෙවමින් කාන්තාවගේ චන්ද අයිතිය වෙනුවෙන් සමාජශීලී වෙමින්, එක අතකින් එංගලන්තකකවාදී පුද්ගලික ජීවිතයක් ගෙවමින් ද, අනෙක් අතින් තම සැමියාගේ ආන්තික එංගලන්තකවාදීත්වයට එරෙහිවීම යමින් ද, මේ සමාජ-මානසිකත්ව ද්වෛතය අතර අවිඥානික අතරමං වූ භින්න-පෞර්ෂයක් (Split Personality) ලෙස තම අවසන් කාලය ගත කර ඇති බව පෙනේ.
සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායක යනු තම පියා වූ සර් සොලමන් ඩයස් අබේවික‍්‍රම ජයතිලක සෙනෙවිරත්න රජ කුමරුන් කඩු කරලූ බන්ඩාරනායක නැමති මනෝ-දෙබින්න ස්වදේශික විගඩම ද, සොලමන්ගේ නරි-නාටක දිගු කලක් දරා සිටීමට වීම නිසා අනන්‍යතා අර්බුදයට ගිය තම මව වූ ඬේසි එස්ලීන් ඔබේසේකර නමැති ස්ත‍්‍රිය ද යන මව්-පිය දෙදෙනා අතර සිදුවූ බෙදීම තුළ දෝලනය වන්නට වීමෙන් හටගත් අවිඥානික පීඩනයක් දරාගෙන දිවිගෙවූ අසමතුලිත සමාජ පෞර්ෂයක් බව හෙළිදරව් වේ.
ඒ නිසා ඔහු නිතර වෙනස් වීමට බඳුන් වන චරිත ලක්ෂණ ඇත්තෙකු වන අතර, අන් අය නිසා ක්ෂණිකව වෙනස් වන ගති ලක්ෂණ පෙන්නුම් කරන්නෙක් බව ද පෙනේ. ඔහු දේශපාලනය වැනි ස්ථාවර මනසක් ඉල්ලා සිටින ක්ෂේත‍්‍රකට සුදුසු යැයි තීරණය කරනු ලැබුවේ මොලෝ සමාජ-මනෝවිශ්ලේෂණයක් නොදන්නා සේනානායකලා ප‍්‍රමුඛව ගොඩනැගුණු සමස්ත දේශීය ඩොයිලිවාදී දේශපාලනික ප‍්‍රභූත්වය යි. නමුත් ඔහු දේශපාලනය නොකර වෙනත් විෂය ක්ෂේත‍්‍රයක නියැලූනේ වී නම්, ලක්දේශයට යම් හෝ තිරසර සේවයක් කරන්නට හැකි සම්භාවිතාවයක් තිබුණි. එනයින් මොහු විසින් තිරසාර හේතුවක් නොදක්වමින් එජාපය හැර යාම නැවත විශ්ලේශණ-විග‍්‍රහයකට බඳුන් කළ යුත්තකි.
කෙසේ නමුත්, මොහු විසින් අත්සන් කරන්නට යෙදුණු බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කර පැය ගණනක් ඇතුළත හාමුදුරු උන්නාන්සේලාගේ උද්ගෝෂණයක් හමුවේ එය ඉරා දැමීම ද, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට රට පුරා මාහා විරෝධතා ඇතිවී ඉන්දීය අගමැතිවරයාට යුධ සෙබලෙකුගෙන් පහර කන්නට ද වී, සියල්ලෝ තමන්ට එරෙහිව සිටිනවා වැනි සමාජ චිත‍්‍රයක් ඉදිරියේ ජෙ. ආර්. ජයවර්ධන තම ගිවිසුමේ අකුරක්වත් වෙනස් කරන්නට නොදී නොසලේ වී සිටීම ද යන චරිත ලක්ෂන දෙක සසැඳුවොත් ඔබට ජේ. ආර්ගේ අවිඥානයට ලැබී ඇති පීතෘමය උදව්ව (Paternal Support) සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායකට නොලැබී ඇති බව සොයාගැනීමට අපහසු නොවනු ඇත.
නැවත අපි සිංහල ඔන්ලි පනතට (Sinhala Only Bill) හේතු වූ සිංහල ඔන්ලි සංකල්පය (Sinhala Only Concept) වෙත හැරුණොත්, මෙය ලන්ඩනයෙන් මෙහෙය වූ එංගලන්තක පරිපාලනයට පාක්ෂික කතිකාවක් වු නමුත්, එංගලන්ත පරිපාලනය විසින් එම බෙදුම්වාදී කතිකාව ගොඩනැගීමේ ක‍්‍රියාවලිය තම ඩොමීනියන් සහ අනෙකුත් ව්‍යවස්ථා කටයුතුවලින් පරිභාහිරව නඩත්තු කරමින් පවත්වාගෙන යාමට තරම් තරම් සටකපට වූහ. (එනමුදු ඒ් කතිකාවට අදාළව ව්‍යස්ථාපිත සහය වක්‍රව සහ උපායශීලීව සපුරනු ලැබුණි.)
නමුත් කේම්බ්‍රිජයෙන් ලක්දිවට පැමිණි සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායක නැමති දේශීය ඩොයිලිවාදියා විසින් කළේ, එම ඩොයිලිවාදී කතිකාවේ කේන්ද්‍රීය අරුත ඩොමීනියන් ව්‍යවස්ථාව තුළට ඇතුළු කර, එංගලන්තකයින් සඟවාගෙන යටින් කෙලපු බෙදුම්වයාදයේ සළුව ඉරා, එංගලන්තක බෙදුම්වාදයම නැවත වරක් වඩා ඊට තීව්ර ජාතිවාදී ආකාරයකින් එළිපිට රඟදැක්වී ම පමණි.
ඩොයිලි කළේ සූක්ෂ්ම සහ ශූර ලෙස ලන්ඩන් පරිපාලනයට පක්ෂග‍්‍රාහී වන නව-ව්‍යාජ-විකෘති-කෘතිම ස්වදේශවාදී-කතිකාවක් (New Fake, Mutational and Synthetic Localist Discourse) ලක්දේශයට බිහිකර දීමයි. සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බන්ඩාරනායක කළේ, එම කතිකාව ම ඊටත් වඩා අඥාන, අමනෝඥ්ඥ සහ විනාශය ගෙන දෙන අකාරයකින් යලි සැමරීම පමණ යි. එසේ නොමැතිව ශ‍්‍රිලනිප පාක්ෂිකයින්ගේ චන්ද ටික ඩැහැගැනීමේ අටියෙන් දැන් පාඨලී චම්පික රණවක කියන ආකාරයට සොලමන් වෙස්ට් රිජ්වේ බණ්ඩාරණායක විසින් කළා වූ මෙලෝ මල ඉලව් සමාජ-විප්ලවයක් නැත. 1956යේ බන්ඩාරනායක යනු අවිඥානකව හෝ සවිඥානකව ඩොයිලියානු කතිකා යන්ත‍්‍රය ම නියෝජනය කළා වූ එහි ම ගොදුරකි. ඔහුට ඩොයිලිගේ කතිකාව ඉගැන්වූ ආදර්ෂය ඔහුගේ ජීව විද්‍යාත්මක පියා ය. ඒ් නිසා ඔහු ද පියා අනුගමනය කළ එම කතිකාවේ ම ප‍්‍රක්ෂේපිත-පිළිබිඹුව කි. මන්ද ඔහු පියාට ඒරෙහිවන්නට ගොස් පියා ගොදුරු වූ කතිකාවට ම ගොදුරු වූ මිනිසෙකි.
ඒ නිසා බන්ඩාරනායක ලක්දේශයේ ඊළඟ නිදහස් සටන කළාය වැනි ගොන්පාට් වලට හසුවී සිටින යම් ලක්වැසි පුරවැසියෙක් වේ නම්, වහා ම බණ්ඩාරනායක පැවත ආ සනුහරයේ ඉතිහාසයත්, ඔහු හැදී වැඩුණු යටත්විජිත එංගලන්ත පාක්ෂික ඩොයලියානු සංදර්භයත් ඉසියුම්ව හදාරා නිවැරදි විය යුතුය..
1953 වසරේ හර්-තාලයේ දී, සිංහල-දෙමල-මුස්ලිම්-මැලේ-බර්ගර් ජනයා සාමූහිකව දියත් කරන්නට යෙදුන ආර්-ථික අරගලයක් සමූහවාදීව සහභාගීවූ නමුත්, ඒ සියළු ලක්දේශික ජනයාට 1953නේ සිට වසර 03ක් ගෙවී යන සුළු කාලයක් ඇතුළත, එනම් 1956දී සහ ඉන් පසුව සිංහල-දෙමල ලෙස දෙකට බෙදුනු කෘතිම බෙදුම්වාදී ප‍්‍රතිවිරෝධයකින් පැන නගින හදිසි අනතුරු-සංසිද්ධි ශ්‍රේණියකට මුහුණපාන්නට සිදුවිය.
මෙය අහම්බයක් ද?
වහෙන් ඔරෝ නැතුව අසනවා නම්, ලක්දේශීකයින් වරිග බේද හෝ ආගම් බේද නොතකා සමූහවාදී වන හැම ජාතික අරගල මොහොතක ම එය ඒංගලන්තකවාදී ලක් රාජ්‍යයට එරෙහි කැරැල්ලක් හෝ රාජ්‍ය-විරෝධී සටනක් කියා එය යටපත් කර දමා, ඒ ගෙවන මොහොතේ ආණ්ඩුකරන එජාපය හෝ ශ‍්‍රීලනිපය විසින් නැවත බෙදුම්වාදී දේශපාලන සංදර්භයක් බිහිකිරීමට නූල්සූත්තරවාදීව කටයුතු කිරීම අහම්බයක් ද?
සමූහවාදයට එරෙහි මේ රිපීට් ටෙලිකාස්ට් එක නැවත නැවත සිදුවූයේ ලක්දේශයේ රජුගේ කිරීටයට එරෙහිව ය. දැන් සිදුවන්නේ සමූහවාදී නිදහස් අරගලයක් සිදුවී ඩොයිලියානු ශ‍්‍රිලනිප-එජාප ප‍්‍රභූන් පලවා හරින නව-දේශපාලනාර්-ථික සංදර්භය වැලැක්වීමට ය.
1948 තෙක්. එංගලන්තකයින් තම ව්‍යවස්ථාවේ යටිපෙළ ලෙසින් යට ගසාගෙන අභ්‍යාස කරනු ලැබූ බෙදා-පාලනය කිරීම (Divide and Rule) නැමති කුමන්ත‍්‍රණ න්‍යායික යටත්විජිතවාදී දේශපාලනාර්-ථික උපායමාර්ගය අදියර 02කින් ක‍්‍රියාවට නංවන්නට 1948 පෙර දී එංගලන්තකයින් හට සිදුවිය.
ඉන් එකක් වූයේ, 1801ට පෙර ලක්දේශයේ කිරීටයට එරෙහිව එංගලන්තක පරිපාලනය විසින් යුධවාදය ප‍්‍රධාන කරගත් ක‍්‍රියාන්විතයක් තුළ ක‍්‍රියාත්මක වෙමින්, සිංහල සහ දෙමල සිංහල සහ මුස්ලිම් හෝ කුල ප‍්‍රජා අතර බෙදීමක් ගොඩනගන්නට කළ අසාර්-ථක උත්සහයන් ය. එය සෘජුව ම සිංහල කිරීටය හිමි රජුන්ට එරෙහිව යුධ කරන සංදර්භයක ම පැවති හෙයින්, ලක්වැසි ජනයාගේ සිතිවිලි තුළ ඒ භාවිතාව කතිකාගත කරගැනීම ලන්ඩන් පරිපාලනයට අසීරු කටයුත්තක් විය. එනම්, එම බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රයේ බලදේශපාලනයට බහුතර ලක්දේශික වැසියෝ හසුකරගෙන එය කතිකාධිපත්‍යයක් (Discursive Dominance) බවට පත්කර ගැනීම සිදුකළ නොහැකි වූ අතර, කන්ද උඩරට ලක්වැසි ජනයා ප‍්‍රමුඛ මුහුදුබඩ පළාත්හි බහුතර ලක්වැසියෝ ද සෘජුව ම රජු වෙනුවෙන් සටන් වැදීම තෝරාගත් නිසා එංගලන්තකයින්ට යුධමය අතින් සේම, තම බෙදුම්වාදය කතිකාධිපත්‍යයක් ලෙස ලක් ජනයා අතර වඳ බැස්වා තහවුරු කිරීමේ උපායමාර්ගය සාර්-ථක කරගැනීම අතින් ද තාවකාලික පසුබාන්නට සිදුවිය.
නමුත් 1801න් පසුව එළඹෙන දෙවන අදියරේදි, උපායිකව තම සෘජු යුධමය යොමුව හකුලාගන්නා එංගලන්තක පරිපාලනය, ලක්දේශික කිරීටයට යටත් කන්ද උඩරට රාජධානියේ ස්වදේශික ප‍්‍රභූන් සහ හාමුදුරු-උන්නාන්සේලා සැලකිය යුතු ප‍්‍රමාණයක් ඇතුළු අනෙකුත් වගකිව යුතු ජනයාගෙන් පිරිසක් ද යොදාගෙන, ජෝන් ඩොයිලිගේ අනුදැනමු සහ මූලික මගපෙන්වීම මත ගොඩනගන්නට යෙදුනු ඔත්තු සේවා බලෑණියේ ම එක් ප‍්‍රධාන වගකීමක් වූයේ, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ නායක්කාර් වාංශිකත්වය පදනම් කරගත් දෙමල විරෝධී බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රයක් වක්‍ර නිරායුධ යොමුවක් ලෙසින් ගොඩනංවා ගැනීමයි.
එංගලන්තකයින් එහි සමත් විය.
මෙම ඩොයිලියානු කතිකා යන්ත‍්‍රයට සහ එහි අන්තර්ගතව තිබූ බෙදුම්වාදි කතිකාධිපත්‍යයට (Discursive Dominance of Separatism) අනුයුක්ත කරගත් රජුගේ ම ප‍්‍රධාන ඇමතිවරුන් සහ සමහරක් ද. හාමුදුරු උන්නාන්සේලා ද යොදා ගැණුනු අතර, ඒ හරහා ලක්වැසි ජන බහුතරයකගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතීන් තුළ එකී ඩොයිලිවාදී කතිකාව ස්ථාපිත කරන මුල් අදියර දියත් දියත් කිරීමේ කාල-අවකාශය උදාකරගත්තේ ය.
නමුත් එංගලන්තක කිරීටයේ උවමනාවට අනුව ඩොයිලි ඇතුළු ඔහුගේ ඔත්තු-සේවා-බලෑණිය විසින් හඳුන්වාදෙමින් සිටි මෙම බෙදුම්වාදී වරිගවාදය, සෘජු ජාතිවාදී සංදර්ශනයක් ලෙසින් එංගලන්ත ආයතන හරහා එළිපිට සෘජුව එළිදැක්වෙන සේ හෙළිදරව් නොවන්නට වගබලාගන්නට තරම් ලන්ඩන් පරිපාලනය තීක්ෂණ සහ සූක්ෂම විය.
ඩොයිලි ඇතුළු එංගලන්තක පරිපාලනය ඊට අදාළ සූක්ෂ්මාකාර ව්‍යුහික සැලැසුමකින් යුතුව ක‍්‍රියාත්මක වූහ. එංගලන්තක පරිපාලනය විසින් ඩොයිලි හරහා ලක් රාජධානියේ කේන්ද්‍රය වූ ලක් රජුට එරෙහිව කළ මේ බෙදුම්වාදී හොරගල් ඇල්ලී ම හරහා යුධයක් නොකර ම උඩරට රාජධානියේ කිරීටය අහෝසිකොට, එහි බලය කරදාසියක ලියා අත්කර ගැනීම සඳහා සුවිශාල දායකත්වයක් තම පාර්ශවය වෙත සපයාගන්නට එංගලන්තකයින්ට හැකි විය.
මෙහිදී, එංගලන්තක පරිපාලනය සහ ඩොයිලි විසින් සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායකට වඩා සිහිනුවනින් කටයුතු කර ඇති බව පෙනේ. මන්ද, එංගලන්තකයින්ට උවමනා වූයේ බෙදීම අවුස්සවා කන්ද උඩරට රජු පලවා හැරීමත්, බෙදීම අවුස්සවා තම පාලනය පවත්වාගෙන යාමත් පමණි. ඔවුන්ට එම බෙදීම සිංහල-දෙමල යුධමය අරගලයක් දක්වා උත්සන්න කරගන්නට උවමනා වූයේ නැත.
අනික ඔවුන්ට බන්ඩාරනායකට සේ මොනවා කර හෝ චන්දයකින් පත්වී බලය ගැනීමේ පුද්ගලික අවැසිතාවක් නොපැවතිණි. එංගලන්තක පරිපාලනයට උවමනා වූයේ, බෙදිම ඇතිකිරීම හරහා ලක්දේශයේ සාමූහිතක්වය බිඳදැමීම (Distraction of Collectivism) පමණකි. මන්ද ලක්දේශයේ සිංහල-දෙමල-මුස්ලිම්-මැලේ සාමූහිකත්වය පැවතුනහොත්, ඒය එංගලන්තක කිරීටය නියෝජනය කරන ලන්ඩන් පරිපාලනයට විරුද්ධව යුධ වැදීමට තරම් වන අවකාශයක පවතින බලයක් වන බව ඔවුන් පෙරතියා පෙර-දැක සිටියහ.
1948න් පසුව ද, නැවත සිංහල-දෙමල-මුස්ලිම්-මැලේ-බර්ගර සාමූහිකත්වයක් ඇතිවීමේ ඉඩක් ඇති බව 1953නේ හර්-තාලය ලෙස නම් කළ ජාතික අරගලයෙන් ද පැහැදිලි විය. ඒ නිසා මේ සාමූහිකත්වවාදී යොමුව බෙදුම්වාදී යොමුවක් බවට හරවා මිස විසුරුවා හැරිය නොහැකි බව ඩොයිලියානු සිංහල-දෙමල ප‍්‍රභූන් වෙත ඒත්තු යැවීමට අවැසි එංගලන්තකවාදී ඩොමීනියන් සංදර්භයක් හාත්පස පැවතිණි. 1956යේ ”සිංහල පමණයි” පනත තුළ හෝ සමස්ත බන්ඩාරනායක පාලනය තුළ ඩොමීනියන් ව්‍යවස්ථාව අහෝසි කිරීමේ සුළු හෝ යොමුවක් නොතිබිණි.
එය 1970 වසර වන තෙක් ම පවා ශ‍්‍රිලනිපයට හෝ එජාපයට එවන් උවමනාවක් පහල වූයේ නැත. ජාතික විමුක්ති අරගල කතිකාව තමන් වෙත හරවා ගත යුතුය යන උපායමාර්-ගික අවැසිතාව සමගි පෙරමුණ ආණ්ඩුවට පහළ වන්නේ 1971දී එංගලන්තක මහරැජිනට එරෙහිව කළ ජවිපෙ ජාතික විමුක්ති අරගලයට දක්වන ප‍්‍රතිචාරයක් විදිහට ය.
1972දී ලක්දෙශීය ව්‍යවස්ථාව ඩොමීනියන් සංදර්භයෙන් පමණක් හෝ ගලවා දමන පෙළඹවීම පිටුපස ඇති සමාජ සංසිද්ධිය 1971කේ ජවිපෙ කළ අවිඥානික ජාතික විමුක්ති අරගලය යි. 1971කේ අරගලය නොවන්නට 1972දී සිද්ධවෙන මෙලෝ ව්‍යවස්ථා සංශෝධනයක් නැත. එසේනම්. එය 1970 ආණ්ඩුව ලබාගත් සැනින් හෝ ඊට පෙර ශ‍්‍රිලනිපය බලයට පත් වූ කිහිපවාරයක දී ම කළ යුතුව තිබුණා නොවේදැයි යන සාධාරණ ප‍්‍රශ්නය පැන නගී?
එසේ නැතුව. 1972දී ව්‍යවස්ථාව ප‍්‍රතිසංස්කරණය කිරීමට සිරිමාට, ෆීල්ක්ස්ට, එන්.එම්ට, කොල්වින්ට උදේ නින්දෙන් නැගිටිනකොට හදිසියේ පහළ වූ අදහසක් ද?
හොඳින් විමසා බැලූවොත්, ලෝක ඉතිහාසයේ හැම පරාජිත විමුක්ති අරගලයක් පාමුල ම, එම අරගලය මර්ධනය කළ පාලක පක්ෂය විසිනස් ප‍්‍රතිසංස්කරණ ගෙනැවිත් ඇත.
1817-1818 අතර ඇතිවූ ඌව වෙල්ලස්ස ජාතික විමුක්ති අරගලයට ප‍්‍රතික‍්‍රියකව ලක්වැසියන්ගේ දඩබ්බරකම් අවම කිරීම සඳහා යැයි කියමින් සිලෝනය (Ceylon) මෙහෙය වූ එංගලන්තක ලන්ඩන් පරිපාලනය විසින් 1840හේ දී අංක 12 දරණ ඉඩම් ආඥා පනත ස්ථාපිත කොට ඉඩම් හිමිව සිටි ලක්වැසි ප‍්‍රභූන් සහ රජුට හිමිව තිබු ආයතනවල බල හීන කිරීමට කටයුතු කරමින් ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණයක සිදුකරන්නට යෙදුණි. මෙහිදී ජාතික විමුක්ති අරගලවලට නවාතැන්, පහසුකම් සහ මතවාද සැපයූ විහාරගම් සහ දේවාලගම් යනුවෙන් නාමරකරණය කර පන්සල් සහ දේවාල පරිශ්‍ර වල භවිතය සඳහා ලක්රජු අවසර දී තබූ ඉඩම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණී.
එසේම, 1848 දී ඇතිවූ මාතලේ ජාතික විමුක්ති අරගලයට ප‍්‍රතික‍්‍රියකව එංගලන්තක ආණ්ඩුකාරවරයා මාරු කිරීම, අසීමත බදු හකුලා ගැනීම වැනි ප‍්‍රතිසංස්කරණ කිහිපයක් ම සිදුකරන්නට යෙදුනි.
මෙලෙසම, 1971කේ අවිඥානික ජාතික විමුක්ති අරගලයට ප‍්‍රතික‍්‍රීයක වශයෙන් 1972 ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් සිදුකරන්නට යෙදුනි.
නමුත් මේ සියල්ල ම ෂේප් කරගන්නට දෙන සන්තෝෂම් වැනි වූ ප‍්‍රතිසංස්කරණයන් ය.
සහමුලින් ම එංගලන්තක යටත්විජිතවමාදය ගලවා පලවා හැර සහමුලින් ම නිදහස ලබාදෙන ජාතික විමුක්ති අරගලයන් නොවේ මේ ප්‍රතිසංස්කරණ.
යටත්විජියක් නිදහස් වන්නේ, ජාතික විමුක්ති අරගලයක් ජය ගැනීමෙන් මිස හතුරා කරන හොර ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වලින් නොවේ. එසේ වනවා නම්, එංගලන්තකයින් මේ රටේ බින්න බහින්න පැමිණී දා පටන් මෙතෙක් සිදුකරන ලද ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ නහුතය නිසා අපට මාර ම නිදහසක් ලැබී තියෙන්නට නියමිත ය.
සත්‍යය නම්, සිංහල-දෙමල-මුස්ලිම්-බර්ගර්-මැලේ යන ලක්වැසි සාමූහිකත්වය ම තවමත් නිදහස් ජාතියක් නොවී ම යි.
ඒ නිසා 1972 දී සිදුවූයේ එංගලන්ක ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් මිසක, එංගලන්තක යටත්විජිතවාදී ව්‍යවස්ථාව අහෝසි කොට ලක්දේශයේ විමුක්තිය ස්ථාපිත කරගැනීම නොවන බව අප වටහා ගත යුත්තේ එනිසාය. 1948න් පසු බිහිවූ පාලනයන් සියල්ලට සාපේක්ෂව 1972-1977 පාලන සමය ලක්දේශවාදී ගති ලක්ෂණ තිබූ පාලන සමයක් බව සබෑ ය. ඒත් එයින් අප ඓන්ද්‍රීයව එංගලන්තක කතිකා යන්ත‍්‍රයෙන් නිදහස් ජාතියක් වූවා යැයි අදහස් වන්නේ ම නැත.
ලක්දේශයට අවැසිව ඇත්තේ එංගලන්තක කිරීටය සහ ඒ සමඟ ගජමිතුරු ඇමෙරි-යුරෝ බලාධිපත්‍යය හෝ වෙන මොනයම් හෝ බලාධිපත්‍යයක් මත නොයැපෙන තත්වයකට පත්වීම සඳහා වන, පවතින තත්වයන් මුළුමනින් කණපිට හරවා ගොඩනගන සබෑ ජාතික නිදහසක් ය.
1948දී එම සැබෑ නිදහස අපට නොලැබුණු බවත්, ඒ ඩොමීනියන් ව්‍යවස්ථාවෙන් ම ගෙතූ බොරු ප‍්‍රබන්ධ නිදහසක් බවත් තේරුම් ගන්නා තුරු ම ඒ සැබෑ නිදහස අපට ලැබෙන්නේ නැත.
1953දී ඇතිවූ සාමූහිකත්වයේ පැත්ත මුළුමනින් ම ගැනීමට ඒයට නායකත්වය දුන් එන්. එම්. පෙරේරා අසමත් වී අවසානයේ අරගලකරුවන් මර්ධනය කිරීමට අනුබල දෙන තැනට නොවැටුණේ වී නම්, කිසිකලෙක ”සිංහල ඔන්ලි” දේශපාලනයක් නැවත මතුවන්නේ නැත. නමුත් කාරණය වූයේ, එන්. එම්. පෙරේරා ද ඩොයිලියානු ව්‍යාජ ස්වදේශික ජීවන පැවැත්මකින් යුතු අයෙකු වීම යි.
මේ සහ තවත් අදේශපාලනික නොසැලකිලිමත්කම් නිසා 1956 ”සිංහල පමණයි” ප‍්‍රවාහය හරහා නැවත වෙනත් වටයකින් ඩොයිලිවාදී බෙදුම්වාදය තීව්ර ලෙස ම හිස ඔසවා එය ලක් දේශපාලනාර්-ථිකයේ කරුමය බවට පත්විය. 1956යේ බෙදුම්වාදය නැවත වටයකින් හිස එසවූයේ නැතිනම්, රට තුළ සාමූහවාදයක් ඇතිවීම නොවැලැක්විය හැකි වනු ඇත. නැතිනම්, 1948 සිට උතුරේ සහ දකුණේ සමාජ බලවේග සාමුහික වූයේ වී නම්, අද වන විට එජාප-ශ‍්‍රිලනිප ප‍්‍රභූ කඳවුර මුළුමනින් පලවා හැරීම මේ පවතින තරම් අසීරු කටයුත්තක් නොවුනු ඇත.
නමුත් ”සිංහල ඔන්ලි” බෙදුම්වාදය ව්‍යවස්ථාපිත වීමත් සමග උතුරේ බහුතර ජනයා කුලයෙන් පීඩනයට ලක්කළ වෙල්ලාල කුලයේ දේශපාලනඥයින් බලකේන්ද්‍රය කරගෙන සිංහල ඔන්ලියට ප‍්‍රතික‍්‍රියක දෙමල බෙදුම්වාදී දේශපාලනයක් බිහිවීමට ඉල්ලමක් පෑදුනේ ය. එය 1956 බණ්ඩාරනායකගේ සිංහල බෙදුම්වාදී කාසියේ අනෙක් පැත්තය. මන්ද දෙපාර්ශවය ම ශක්තිමත් කර ඇත්තේ ජෝන් ඩොයිලිගේ කතිකාව ය. එය සෝලබරි කොමිසම බිහිකිරීමෙන් ඇතිවුණු ව්‍යව්සථාව පදනම්කරගත් බෙදුම්වාදී තත්වයට වැඩි වේගයක් ලබා දුන්නේ ය. මෙය එක අතකින් ඩොයිලියානු කාසියේ ම ප‍්‍රතික‍්‍රියක පැත්ත ය. අනෙක් පැත්තෙන් තම කුල පීඩකත්වය පවත්වා ගනිමින් දේශපාලනය තුළ ඩොයිලියානු බෙදුම්වාදය තහවුරු කිරීමක් ය. මේ බෙදුම්වාදයන් දෙකෙහිම පොදු ගූණාකරය වන්නේ, ඒ දෙක ම ආර්-ථික විරෝධී වීම යි.
එංගලන්තකයින්ගේ බෙදා පාලනය කිරීමේ යටත්විජිතවාදී උපායමාර්ගයට අනුව රහසින් නිර්-දේශ කොට පවත්වාගෙන යනු ලැබූ මේ වරිගවාදී සහ බෙදුම්වාදී අභ්‍යාස දෙක යනු කුමක් ද?
මේ බෙදුම්වාද දෙක ම එකකි.
මෙම බෙදුම්වාදය යනු ලක්දේශිකයින්ව ව්‍යාජ, කෘතිම සහ විකෘති එංගලන්තකවාදී බොල් ස්වදේශිකත්වයක් සහිත අනන්‍යතාවයක් තුළ හික්මවා ගැනීම සඳහා ලන්ඩන් පරිපාලනය විසින් තම දේශපාලානාර්-ථික උවමනාවන්ට ගැලපෙන අයුරින් ජෝන් ඩොයිලි මාර්ගයෙන් ගොඩනංවා සබුද්ධිකව ම දියත් කරන්නට යෙදුන ව්‍යාජ-ස්වදේශවාදී කතිකා යන්ත‍්‍රයක (Discoursive Instrument) අයථා-අනෙයිතිහාසික-කේන්ද්‍රීය-සිතුම යි (Non-real Non-Historic Signified of the Center).
එංගලන්තකයින් ගෙනා මෙම බෙදුම්වාදය නම් කෙන්ද්‍රීය-සිතුම පාදක කරගෙන, එය ලක්ජන බහුතරයකගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධති තුළ කතිකාවක් බවට තහවුරු කරගන්නා තුරු ම, මෙම කේන්ද්‍රය විසින් වපුරන වරිගවාදී සහ බෙදුම්වාදී අභ්‍යාසයන් පැවතුණේ අයථා-අනෙයිතිහාසික-කෙන්ද්‍රයක් ලෙසින් පමණි. එනම්, එය පැවතුණේ ඩොයිලිගේ ඔත්තු සේවකයින් සුළුතරයක් අතර පමණි.
නමුත් කාලයාගේ ඇවෑමෙන්, ක‍්‍රමයෙන්, බහුතර ලක්වැසි පිරිසක් විසින් මෙම සිතුම භාරගන්නා පරිදි කටයුතු සිදුවන විට, බෙදුම්වාදය නම්වූ එම කේන්ද්‍රීය සිතුම ලක්වැසියන් තුළ පවතින යථා-ඓතිහාසික-කෙන්ද්‍රීය-සිතුමක් බවට ඉබේ ම පත්විය. ලක්වැසියාට එය ගොඩනැංවූවක් බව අමතක වන්නට සහ අමක වන්නට, එය ලක්වැසියාට ස්වභාවික වන්නට පටන් ගත්තේ ය.
මන්දයත්, බහුතර ලක්වැසි ජනයා විසින් මේ බෙදුම්වාදය නැමති කේන්ද්‍රීය සිතුමට ක‍්‍රමක‍්‍රමයෙන් තම මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතිය හුරුකරගෙන සමරන්නට පටන්ගත් නිසා ය. ඊට හේතුව වූයේ, ලක්ජනයා කෙමෙන් ලන්ඩන් පරිපාලනය නැමති ආයතනික ව්‍යුහයේ බල-දේශපාලනය වැළඳගන්නා තැනට කටයුතු සිදුකර ගැනීමට තරම් ඩොයිලි සහ ඔහුගේ ඔත්තු බලෑණිය දක්ෂ වීම යි. ඒ නිසා, 1956දී බන්ඩාරනායකට කරන්නට ඩොයිලිට තරම් වු භාරදූර වගකීමක් තිබුනේ නැත.
බන්ඩාරනායක කළේ, ඩොයිලිගේ කතිකාව තුළ වූ බෙදුම්වාදය නැමති මේ කෙන්ද්‍රීය සිතුම ”සිංහල පමණයි” යනුවෙන් රෙදි ගලවා එළිපිට සැමරීම පමණකි. ශබ්ධාරුතින් ”බෙදුම්වාදය” සහ ”සිංහල පමණයි” යන්න එකිනෙකට වෙනස් ශබ්දාරුත් දෙකක් බව ඇත්තකි. නමුත්, එම අරුත් දෙකින් කරන කාර්-යභාරය සලකා බැලූ කළ, ඒ ශබ්ධාරුත් දෙකටම අදාළ වන සැබෑ භෞතික අරුත දෙකක් නොව එකක් ම ය.
බලන්න, ඩොයිලි විසින් ”ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ දෙමලා” යනුවෙන් අරුතක් කතිකා අභ්‍යාසය හරහා ලක්වැසියන් ප‍්‍රචලිත කරන්නට අපෙක්ෂා කළේ දෙමලාගෙන් සිංහලයා බෙදා වෙන් කිරීමට යි. එලසෙ ම බණ්ඩාරනායක අතින් සිංහල පමණයි යන්න ව්‍යවස්ථාපිත කිරීමෙන් සිද්ධ වූයේ ද සිංහලයාගෙන් දෙමලා ද දෙමලාගෙන් සිංහලයා ද බෙදා වෙන් කිරීම යි. ඉතින් ”සිංහලයාගෙන් දෙමලාව බෙදා වෙන්කිරීම සහ දෙමලාගෙන් සිංහලයා බෙදා වෙන් කිරීම ශබ්දාරුතින් සුළු වෙනසක් තිබුනට එකම භෞතික අරුත යි.
සංසිද්ධිය එක ම යි.
එක ම කේන්ද්‍රීය සිතුම යි.
අනික, බණ්ඩාරනායකට කරන්නට තිබුණේ, ඒ වන විටත් කතිකාධිපත්‍යය (Discursive Dominance) සහිතව තහවුරු කරගෙන තිබූ කතිකා යන්ත‍්‍රය තුළ අරමුණුගත වන අභ්‍යන්තර ව්‍යාපෘතියක යෙදීම පමණයි. එහෙම නැතුව සමහර බන්ඩාරනායකවාදීන් කියනා පරිදි බණ්ඩාරනායක නව ජාතික කතිකාවක් ගොඩනැගුවේ නැත. ඩොයිලි හදපු බෙදුම්වාදී කතිකාවේ ම ඊළඟ යුග කාර්යභාරය ඉටු කළා පමණි.
එංගලන්තකයින් හංග හංගා වෙස් බැන්ද මේ වරිගවාදී සහ බෙදුම්වාදී අභ්‍යාසය, කෙටි මගකින් රටේ නායකයා වීම සඳහා සොලමන් වෙස්ට් රිඞ්ජ්වේ දියස් බන්ඩාරනායක නැමති ලක්දේශික ඩොයිලිවාදී ප‍්‍රභූවරයා විසින් එළිපිට ම ව්‍යවස්ථාපිත කළ අතර, මේ ව්‍යස්ථාපිත බෙදීම අනෙකා කරගත් චෙල්වනායගම් ප‍්‍රමුඛ වෙල්ලාල කුලවාදී දෙමල ඩොයිලිවාදී ප‍්‍රභූන් විසින් කරලියට ගෙනා දෙමල බෙදුම්වාදී වරිගවාදයක් ද පැන නැගී ස්ථාපිත විය. චෙල්වනායගම් යනු බණ්ඩාරනායකගේ කාසියේ අනික් පැත්ත ය. මන්ද මේ දෙන්නා ම දෙවිදිහකට සමරන්නට යෙදුනේ ඩොයිලි විසින් බිහිකළ එක ම බෙදුම්වාදය වන නිසා ය.
මෙසේ දෙපැත්තකට ඇදෙන ද්වෛතික-ප‍්‍රතිපක්ෂයක් (Binary Opposition) ලෙස පවතින පලියට දෙපාර්ශවයේ ම කෙන්ද්‍රීය-අරුත වෙනස් වන්නේ නැත. කේන්ද්‍රීය-අරුත නම් බෙදුම්වාදය යි.
බලන්න!
ඓතිහාසිකව මොකද වුණේ කියල බලන්න!
ඓතිහාසිකව බන්ඩාරනායක ගෙන ආ ”සිංහල පමණයි” බෙදුම්වාදී අටමගලය කෙලෙවර වූයේ 1983 දෙමල ජනයා පීඩාවට පත්කර වධ දී මරා දේපල පැහැරගත් කළු ජූලියකින් සිංහල ජනයා අතර සිටි දෙමල ජනයාව සිංහල ජනයාගෙන් බෙදා වෙන්කොට සැලකීමක් හරහා දෙමල විරෝධී ආන්තික බෙදුම්වාදී යුද්ධයකට මං පෙත් විවර කිරීම යි.
චෙල්වනායගම් දෙමල අයිතීන් වෙන් කොට ඉල්ලීමෙන් කෙලවර වූයේ ද, දෙමල ජනයා සිංහල ජනයාගෙන් භෞමිකව ම බෙදි වෙන්වී ම ඉල්ලා සිටින සිංහල විරෝධී ආන්තික යුද්ධයක් නිර්-මාණය වීම යි.
මේ යුද්ධ දෙක එකිනෙකට වෙනස් යුද්ධ දෙකක් ද?
නත!
මෙය එක ම යුධයක දෙපැත්ත යි.
එක ම බෙදුම්වාදී කතිකා-යන්ත‍්‍රයක ද්වී-සම්බන්ධ ප‍්‍රතිපක්ෂය (Binary Opposition) යි.
දෙපාර්ශවය ම යුධවාදීව කා මරා ගත්ත ද, දෙපාර්ශවය විසින් තම වරිගයේ මනුස්සයින්ව ශීක්ෂණය කරන්නට යොදාගත් මතය හරහා පෝෂණය කළේ, ඩොයිලිගේ බෙදුම්වාදී කතිකාව යි. ඉන්දියාවේ හින්දු-මුස්ලිම් බෙදීම සම්බන්ධයෙන් සත්‍ය-යථාව (True-Real) වන්නේ ද ලන්ඩන් පරිපාලනය විසින් කළ මේ බෙදුම්වාදී බල-අභ්‍යාසය යි.
අවම තරමින් 1948න් පසුව කරන්නට තිබුණේ, මේ කතිකාවේ එංගලන්තකවාදී බලකේන්ද්‍රය හෙළිදරව් කර, නව-සමූහවාදයක් (Neo-Collectivism) ගොඩනැගීම යි. කතිකා-විද්‍යාත්මක අරුතකින් කිවහොත්, අද වන විට සිංහල සහ දෙමල යනු එක ම කතිකාවක් තුළ පවතින ද්වෛතික-ප‍්‍රතිපක්ෂයන් ය. එසේ නොමැතිව මේ දෙක කතිකා දෙකක් නොවේ. මෙය එක ම ඩොයිලියානු කතිකාවක ප‍්‍රතිපක්ෂීය අරුත් දෙකකි.
මෙය 1815ට පෙරලක් කරිටය යටතේ සිංහල සහ දෙමල යන පද දෙකට තිබුණ අරැත් නොවේ.
1801 සිට ම එම කතිකාවේ කතෘ ජෝන් ඩොයිලි යි.
මේ ප‍්‍රතිපක්ෂීය සිතීමට අදාළ කතිකා යන්ත‍්‍රයෙන් ගැලවී නව-නූතන සමූහවාදයක් ගොඩනගා ගන්නා තුරු ම ලක්දේශයට කිසිදු දේශපාලනාර්-ථික ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකිවන්නේ නැත.
1801න් පසුකාලීනව වෙනත් කතිකාවන්ගේ සවිස්තරකථනීය න්‍යායික අවයව ඩොයිලියානු බෙදුම්වාදය කේන්ද්‍රකරගත් මේ කතිකා-යන්ත‍්‍රය නියෝජනය කරන සමස්ත සිතුම්-පද්ධතියට ඇඳුන නමුදු එයින් ඩොයිලායානු කතිකාවේ කතිකාවේ මූලික හරය වූ බෙම්ම්වාදය සහ එහි අභ්‍යාසයන් වල කිසිදු වෙනස්කමක් සිදුනොවුණි.
”සිංහල ඔන්ලි” සංකල්පය හරහා එක ම කතිකාවට පණ පෙවූවන් විසින් සිංහල කිරීටය යන්න ”සිංහල ජාතිවාදී කිරීටයක්” බවට සෘජුව සහ වක‍්‍රව නවඅරුත් දක්වමින් අන්තවාදයක් කරා යමින් මේ ඩෙයවාලියානු කතිකාවට ම න්‍යායික අවයව එකතු කළහ. දෙමල ඔන්ලි සංකල්පය වාමාංශික දේශපාලනය තුළ පැවති ජනප‍්‍රිය ස්වයං-තීරණය සමඟ වෙන්වීමේ අයිතිය හා අදාළ අරුත් ගෙනැහර පාමින් මේ බෙදුම්වාදී ඩෙයවාලියානු කතිකාවට ම න්‍යයික අවයව එකතු කළහ.
යුධවාදී ඒල්ටීටී සංවිධානයේ න්‍යායාචාර්යවරු ස්වං-තීරණ අයිතිය සංකල්පය ලෙනින් ඉදිරිපත් කළ ස්වයං-තීරණ අයිතිය සංකල්පයේ සංයුක්ත මුල් සංදර්භයෙන් ගලවාගෙන, එය වියුක්ත සංකේතයක් ලෙස පමණක් වෙන්කර තම ”වෙනම රාජ්‍යය සංකල්පය” තීව්ර කරගන්නට අනිසි ලෙස යොදා ගත්හ. ඔවුන්ගේ සමස්ත භාවිතයේ දී ඔවුන් විසින් ලෙනින් කියූ සංදර්භයෙන් පිටපැන වමේ ප‍්‍රගතිශීලී සහ සමානතාවාදී යොමුව නියෝනය කළවුන්ට කොකා පෙන්නුවේ ය.
මෙය අවබෝධ කරගත් සමාජවාදී සමානතා පක්ෂය හෙවත් විප්ලවාදී කොමියුනිස්ට් සංගමය එල්ටීටිය සම්බන්ධයෙන් තම සාපෙක්ෂ පක්ෂපාතීත්තවය ද අතහැර දැමුවේ ය
ඩොයිලියානු “සිංහල” සහ ඩොයිලියානු “දෙමල” යන ව්‍යාජ-සිතුම්-ප්‍රතිපක්ෂ දෙක නියෝජනය කළ මේ දෙපාර්ශවය විසින් කොතරම් වියුක්ත සංකල්ප එකතු කළ ද, එසේ එකතු කරන තරමට පෝෂණය වූයේ යහපත් සාධනීය සමාජ ප‍්‍රගතිගාමී සමූහවාදයක් නොව, විනාශකාරී යුද්ධයකින් කෙලවර වන බෙදුම්වාදය නම් කේන්ද්‍රීය-සංකල්පය යි. එනම් බෙදුම්වාදය කේන්ද්‍රීය සංකල්පය කරගත් ඩොයිලියානු යටත්විජිතවාදී කතිකා යන්ත‍්‍රය යි.
ඒ නිසා එංගලන්ත කිරීටයෙන් මෙහෙයවූ ලන්ඩන් පරිපාලනය විසින් ලක්දේශයේ දේපල, සම්පත් සහ ශ‍්‍රමය හොරකම් කරගැනීම නැමති ආර්-ථිකවාදී අරමුණ ඉටුකර ගැනීම සඳහා ඩොයිලි හරහා ඇටවූ කතිකා අටමගලය, ලක්දේශයේ ඩොයිලියානු බෙදුම්වාදී අනන්‍යතාවකින් හෙබි සිංහල-දෙමල ප‍්‍රභූ පැලැන්තිය විසින් කිසිදු ආර්-ථික අරමුණකින් තොරව ජන-ඝාතක යුද්ධයක් කරා දිග්ගැස්සූහ. එහිදී මේ ප‍්‍රභූ පැලැන්තියට තිබූ එක ම අරමුණ වූයේ වසර 5ට, 7කට හෝ ඊට වැඩි කාලයකට පාලන බලය රැකගැනීම නැමති පටු අරමුණ පමණි.
නමුත් මෙසේ සිංහල කිරීටය ජාතිවාදී කොට ලේඛනය කිරීමෙන් හෝ දෙමල මනුස්ස අයිතීන් ස්වයං-තීරණය රූපාන්තරණය කරගත් බෙදුම්වාදි රාජ්‍යයක් ලබාගැනීම හරහා නොවිසඳෙන තැනට පත්වූයේ, මේ දෙපිරිස විසින් ම තම ප‍්‍රතිවිරෝධය කතිකා දෙකක් අතර යුද්ධයක් ලෙස වරදවා වටහා ගැනීම නිසා යි. එසේ නම්, දෙපාර්ශවයට ම වෙන වෙන ම ස්වයං-තීරණ අයිති දෙකක් දී දෙගොල්ලෝ දෙපැත්තට කරන්නට පුළුවන් විය යුතු ය. නමුත් සත්‍යය නම්, මේ දෙපාර්ශවය ම දැන හෝ නොදැන පෝෂණය කරමින් මාරක ආන්තිකත්වයක් කරා ගෙනයමින් තිබුණේ එකම කතිකා යන්ත‍්‍රයක කේන්ද්‍රීය-සිතුම (Central Signified) යි.
ඒ නිසා ගැමුණු සහ එල්ලාලන් අතර යුද්ධයට සහභාගී වීම හෝ කාලිංග-මාඝ විසින් කළ මැදිහත්වීමට එරෙහිව ලක්ජනයා සටන් වැදීම යන යුධ සංදර්භය, යටත්විජිත යුගයෙන් පසුව උතුරු දකුණ බෙදුන මේ ඩොයාලියානු යද්ධයට අදාළ යුධ සංදර්භයෙන් සපුරා වෙනස් ය. පළමුව සඳහන් කළ වර්-ගයේ යුද්ධ සංදර්භගත වන්නේ, එල්ලාලන් සහ කාලිංග මාඝ නැමැති නැමති චෝලවංශික භාහිර විදෙස් ආක‍්‍රමණිකයින්ට එරෙහිව කළ සටන් මිසක දෙමල විරෝධී සටන් විදිහට හෝ සිංහල විරෝධී සටන් නොවේ. නමුත් උතුරු දකුණ බෙදුන මේ ඩොයාලියානු යද්ධය සංදර්භගත වන්නේ, පැහැදිලිව ම එම රටක වරිග දෙකක් අතර යටත්විජිතවාදීන් ඇතිකළ වැරදි වැටහීමක් මත පිහිටා කා මරා ගැනීමක් විදිහට ය.
නමුත් මේ දෙපාර්ශවයට ම හසු නොවූයේ මේ වාද-විෂයේ කෙන්ද්‍රීය තීසිසිය යි.
එනම්, මේ සමරනු ලැබන්නේ කතිකා දෙකක් නොව එක ම කතිකාවක ප‍්‍රතිවිරුද්ධ අන්තයන් දෙකක් බවයි.
ඒ කතිකාවේ සැබෑ අඥාත කතෘ වන ජොන් ඩොයිලි යනු ලන්ඩන් පරිපාලනය නැමති සමස්ත යටත්විජිත ආයතනයේ නියෝජිතයෙකු බව යි.
ඒ නිසා 1948දී ලක්දේශයෙන් එංගලනත්කයින් පිටවී ගියා යැයි කීවාට, ලන්ඩන් පරිපාලන ආයතනයේ බල-දේශපාලනය නියෝජනය කළ කතිකා-යන්ත‍්‍රය සහ එහි කතිකාධිපත්‍යය තවමත් ලක්දේශය හැරගොසින් නැති බව තේරුම්ගත යුතුව පවතී.
මේ අනුව දැනුම, යන්න නිදහස්ව පවතින්නක් හෝ නිදහස්ව භාවිතයට ගතහැක්කක් නොවේ. එහිදී යටත්විජිත ආයතනයකින් නිර්-වචනය කරදුන් දැනුම සමාජ බලයක් නියෝජනය කරන අතර, යටත්විජිත ආයතනයක නිර්වචනයෙන් පරිභාහිර දැනුම හෝ එම ආයතනික නිර්-වචනයට යටත් නොවූ දැනුමට සමාජය තුළ බලය අහිමි බව නිගමනය කළ හැකි ය.
ලක්දේශිකයින් තුළ තවමත් පවතින උභතෝකෝටිකය (Problematic) වන්නේ, එංගලන්තක ආයතන පද්ධතිය විසින් ස්ථාපිත කළ බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රයක් තවමත් කරගහගෙන යන්නේ ඇයි ද යන අරුත යි. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ, පසුගිය වසර 70කට අධික කාලය සිට අද දක්වා අප තවමත් එංගලන්තක හර-පද්ධතියෙන් මිදුනු ආයතිනකව ස්වාධීන වූ ස්වදේශික බල-දේශපාලනයක් අභ්‍යාස කරන්නට පටන් නොගෙන සිටීම යි. ලක්දේශයට එම බලදේශපාලන අභ්‍යාසය කරා යෑමට නොහැකි වී ඇත්තේ, 1948දී ලක්දේශයට එංගලන්තකයින්ගෙන් නිදහස ලැබුණාය යන මිත්‍යා ප‍්‍රබන්ධයේ අප එල්බ සිටීම නිසා යි. මේ ගෙවෙන මොහොතේ ජවිපෙ විසින් සමූහවාදී පුනර්-ජීවන ව්‍යාපාරයක් හරහා එළිදරව් කොට නිරුවත් කළ යුතුව පවතින්නේ, මෙන්න මේ මිත්‍යාව යි.
මෙය නොපමාව පිරිමසාලිය යුතු ජවිපෙ යුගික කාර්යභාරය යි. මෙය මගහැර පාලන බලය ගත්ත ද ටික කලෙකින් චම්පික රණවක වැන්නෙකුට හෝ නාමල් රාජපක්ෂ රට ආපසු දී ”අපොයි අපරාදේ ....” යනුවෙනු හූල්ලන්නට වනු ඇත. චන්දයක් දිනන්නට චන්ද ව්‍යාපාරය සිදුකළ යුතුව පවතින්නේ ද ඩොයිලි විරෝධී ජාතික නිදහස් සටනකට අයත් ශික්ෂණ ව්‍යාපාරයක් විදිහටයි. ඒ නිසා එළඹෙන මාස කිහිපය තුළ ගන්නා ජාතික තීන්දු තීරණ ජවිපෙ පැවැත්ම සම්බන්ධයෙන් ම තීරණාත්මකව බලපානවා ඇත.
මේ අනුව සිංහල සහ දෙමල බෙදුම්වාදයට නායකත්වය දුන් සියළු වරප‍්‍රසාදලාභී සිංහල-දෙමල ප‍්‍රභූන් දෙපාර්ශවය ම යටත්-විජිත ආයතනයිකින් නිර්-වචනය කරදුන් සමාජ බලයක් නියොජනය කළ කේන්ද්‍රීය-සිතුම වූ බෙදුම්වාදය කරගසාගත් ඩොයිලියානු ලන්ඩන් නිර්වචනයක ගොදුරු ය. එනයින් ම, මේ ප‍්‍රභූන් ඩොයිලිවාදී දැනුම සහ සමාජ බලය නියෝජනය කරන්නෝ ය. සිංහල දෙමල බහුතර සාමාන්‍ය ජනයාට ඒංගලන්තක යටත්විජිත ආයතනයන් විසින් නිර්-වචනය කරදුන් බෙදුම්වාදයට පරිභාහිර ස්වීය නිර්-වචනයක් කරා නොයන තාක් කල්, ඔවුන් තවමත් ඒ යටත්විජිත කතිකාවේ ම අනියම් ගොදුරු ය. ඒ නිසා ගැඹුරු භෞතික අරුතකින් ගත්කල, ලක්දේශය තව ම යටත්විජිතවාදයෙන් නිදහස ලබා නොමැත්තේ ම ය.
ඒ නිසා මේ ” ස්වයං තීරණය සමඟ වෙන්වීමේ අයිතිය” යන්න එංගලන්තයට හෝ වෙනයම් අධිරාජ්‍යයකට යටත්ව වසර සියයකට වඩා දීර්ඝ යටත්විජිත කාලයක් නොගෙවූ ලොව විශාලත ම රට වූ රුසියාව සම්බන්ධයෙන් ලෙනින් විසින් ගෙන ආ සාධාරණ සහ ප‍්‍රායොගිකවාදී න්‍යායික ස්ථාවරයක් බව අප පිළිගත යුතු ය. නමුත් ස්වයං-තීරණ අයිතිය යන්න වියුක්ත සංකල්පයක් ලෙසින් ලෙනින් ඉදිරිපත් කළ යථා සන්දර්භයෙන් ගලවා වෙනත් යටත්විජිතවාදී ආයතනයකින් ක‍්‍රීයාන්විත වූ බෙදුම්වාදි කතිකා සංදර්භයක ගිල්වීම හරහා එය එහි මුල් ලෙනින්වාදී අරුත අහිමි කරගෙන ඇත.
එයින් සිදුවූයේ, ලෙනින්ගේ-ස්වයං-තීරණ-අයිතිය-සංකල්පය (Leninist Concept of Self-Determination) ගැන මෙලෝ හසරක් නොදන්නා දෙමල ජනතාවකට එම සංකල්පය හඳුන්වා දිමට යාම නිසා, එම සංකල්පය වෙනත් කතිකා යන්ත‍්‍රයකට අයත් වෙනස් භාෂා-තඨාකයක් තුළ වෙනස් නිර්වචනයකට බඳුන් වීමයි.
එම වෙනත් සංදර්භය නම් කුමක් ද?
එම වෙනත් සහ වෙනස් සංදර්භය වන්නේ, එංගලන්ත කිරීටය නියෝජනය කරන ලන්ඩන් පරිපාලනයේ ආයතන පද්ධතිය විසින් අභ්‍යාස කළ බෙදා පාලනය කිරීමේ උපායමාර්ගය නියෝජනය කරන ඩොයිලියානු බෙදුම්වාදය කේන්ද්‍රීය-සිතුම කරගත් කතිකා-යන්ත‍්‍රයේ භාෂා-තඨාකය යි. මේ භාෂා-තඨාකයේ සංකල්ප පද්ධතිය තුළට වියුක්තව ඇතුළුවන ස්වයං-තීරණ-අයිතිය නැමති ශබ්ද සංකේතය හෝ වෙන කුමන ශබ්ධ-සංකේතයක් වුවත්, වසර සීයකට වැඩි ඩොයිලියානු යටත්විජිත කතිකාවේ කේන්ද්‍රීය-සිතුම (Central Signified) වූ බෙදුම්වාදය නම් එංගලන්තක අරුත ම වැළඳ ගැනීමට නියමිත ය.
ඒ නිසා රුසියාවට හෝ සෝවියට් සමූහාණ්වට බැඳී සිටි අනෙක් රටවලට ස්වයං තීරණ අයිතිය සංකල්පය අලෝකමත් යුගයක් ගෙන ආ අතර, ලක්දේශයට ස්වයං තීරණ අයිතිය සංකල්පය හුදු එංගලන්තක යටත්විජිතවාදී බෙදුම්වායේ අරුත වැළඳගෙන බෙදුම්වාදය ම ශක්තිමත් කිරීමට හේතුවන ලෙනින්ගේ මුල් අරුත ද අහිමි කරගත් “ශබ්ද සංකේතයක් පමණක්” බවට පත් වුණේ ය. මෙහිදී, ස්වයං තීරණ අයිතිය (Self Determination) යන්න එක ම ශබ්දාරුත වුව ද, ඉතිහාස දෙකක් සහිත දෙරටක ඓතිහසික කතිකා යන්ත‍්‍රයන් දෙකක සංදර්භ අනුව ගත් කල, අරුත් දෙකක් විය.
එකක් යටත්විජිතයක් නොවූ ඉතිහාසයක් ඇති රුසියාවේ කතිකාමය සංදර්භයකින් පිළිපන් අරුතකි. අනික යටත් විජිතයක් ව වසර සියගණනක් බෙදා පාලනයට ලක් වූ ඉතිහාසයක් ඇති ලක්දේශයේ කතිකාමය සංදර්භයකින් පිලිපන් අරුතකි. රුසියාවේ ස්වයං-තීරණ අයිතිය ජාතිවාදී හෝ යුධවාදී නොවූ එකකි. ලක්දේශයේ ස්වයං තීරණ අයිතිය ඩොයිලියානු සිංහල ජාතිවාදයේ ම ප‍්‍රතිපක්ෂ ජාතිවාදී පාර්ශවය වූ ජනඝාතක දෙමල වරිගවාදය ශක්තිමත් කිරීමට අවභාවිතා කළ සහ ලෙනින්ගේ මුල් අරුතට ප‍්‍රතිපක්ෂව අවභාවිතා කළ ඊනියා ”ස්වයං තීරණ අයිතියකි”. කොටින්ම දෙමල ජනයාගේ අසහාය නියෝජිතයා ලෙස පෙනී සිටි ප්‍රභාකරන්ගේ ඇතුළු ඒල්ටීටියේ සමස්ත ක්‍රියාකලාපය ම ක්‍රියාන්විත වූයේ මානවයන් ලෙස දෙමල ජනයාට තිබූ සැබෑ ස්වයංව තීරණ ගැනීමේ අයිතියට එරෙහිව ය.
1956න් පසුව සිදු වූයේ, ඩොයිලිවාදී හෘදසාක්ෂිය තාර්-කික කරගන්නට සහ එය මතවාදීව සාධාරණිය කරගන්නට අවශ්‍ය කතිකාමය අවකාශයක් ව්‍යවස්ථාව හරහා ම සිංහල සහ දෙමල ලක්වැසියන්ට වෙත සපයාදීම පමණකිි. යම් පාර්ශවයකට හැමවිට ම අනෙක් පැත්තක් තිබෙන විට (එනම් ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයක් සිටින විට) දෙපැත්තේ ම සිත් සතන් තුළ මේ බෙදීම සාධාරණියකරණය කර ගැනීමට හැකි වෙයි. මෙය භෞතික පදනමක් නොමැතිව වුව ද, කතිකාවක් ගොඩනැගී වර්ධනයවීම කෙරෙහි වන වාසිදායක කාල-අවකාශීය ඉඩහසරකි. මෙය, 1796යේ එංගලන්තකයින්ගේ පැමිණිමට පෙර ලක් දේශයේ රාජ්‍ය පාලනයට තබා ලක් රජුට අයත් වෙන කුමන ප‍්‍රාදේශීය පාලනයකටවත් අදාළ කරගත් කතිකාවක් හෝ කතිකාධිපත්‍යයක් නොවේ.
මෙහිදී, යටත්විජිත බලය සහ දැනුම යනු එකිනෙකට ප‍්‍රතිවිරෝධී සම්බන්ධතාවක පවතිමින් නඩත්තු වන ප‍්‍රපංච දෙකක් විදිහට පවත්වාගෙන යන්නට ලන්ඩන් පරිපාලනය වගබලාගෙන ඇත. එනයින් බෙදුම්වාදී කතිකාව යනු එකවර උපකරණයක් වනවා සේ ම, ඊට යොදාගත් ප‍්‍රභූ බලය ද සිංහල-දෙමල ප‍්‍රතිවිරෝධය නිසා බිහිවන ඵලයක් වන්නේ ය. ඒ නිසා සිංහල ප‍්‍රභූන් සහ දෙමල ප‍්‍රභූන් යනුවෙන් බෙදුම්වාදයක් ද නිර්-මාණය වන්නේ ය. මේ අනුව කතිකාව යනු මේ බෙදුම්වාදය හරහා ලන්ඩන් පරිපාලනයට බලය නිෂ්පාදනය කොට දෙන සහ බලය සම්ප්‍රේශණය කර දෙන, පසු කාලීනව එය හිඟන්නාගේ තුවාලයක් බඳු යුධයක් ලෙසින් සිංහල-දෙමල ප‍්‍රභූ දෙපාර්ශවයට ම පවරා දෙනු ලබන යටත්විජිතවාදීන් අනුමත කළා වූ වරිගවාදී ජීවිතය යි.
මෙලෙස, බෙදුම්වාදී කතිකාව යනු සිංහල සහ දෙමල වරිග දේශපාලනයේ වාසි අපේක්ෂා කරන ජාතිවාදී ආන්තිකත්වයක් පසුව එජාපයින් සහ ශ‍්‍රීපනිපයින් වන ප‍්‍රභූන් කියා හෝ සහ දෙමල වෙල්ලාල කුලවාදී ප‍්‍රභුන් කියා හෝ බෞතීස්ම වූවන් හට සුද්න් ගිය පසුව තම බලය ලබා ගැනීම හෝ පවත්වා ගැනීම අනාවරණය සහ ආවරණය කරදෙන්නා වූ ද, තවත් වරෙක ඒක පිලක බලය හීනකර පිරිහීමට ලක්කරන්නා වූ ද හැකියාව ඇති වූ ද උතුරට දකුණට දෙකට ම එක ම වන අධිපති-සිතුම්-යන්ත‍්‍රය කිි. මන්දයත් සැබෑවක් වුවත්, මිත්‍යාවක් වුවත් මෙම බෙදුම්වාදී කතිකාව බහුතර ලක්ජන පිරිසකගේ මනුස්ස මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතියේ හෞත-රසයානය සහ ජෛව රසායනය තුළ වසර සියයකට අධික යටත්විජිත කාලයක් පරම්පරාවෙන් පරම්පරාවට රැඳී වර්ධනය වෙමින් පැවත ආවකි.
එනිසා මෙම බෙදුම්වාදී කතිකාවේ හරය සැබෑවක් වුවත්, මිත්‍යාවක් වුවත් එයට අනුව හික්මවුණු මනුස්ස ශරීර විසින් ල්කදේශීය පෘථිවි පොළව මත සෘජු සහ වක‍්‍රාකාර භෞතික සහ පාරභෞතික සංසිද්ධි ඇති කරවයි.
ඒ භෞතික සංසිද්ධි මොනවාද?
එයින් එකක් නම් කලක් බිහිසුණු ජනඝාතක යුද්ධයක් ලෙස පැවතුන භෞතික සංසිද්ධියකි. දැන් ඒ ඩොයිලි-ජේ.ආර්-බණ්ඩාරනායකවාදී බෙදුම්වාදී කතිකාව යනු මැලේ-බර්ගර්-සිහල-මුස්ලිම්-දෙමල යන සමූහයට ම තම සමූහවාදය සහ ආර්-ථික කොන්දේසි අමතක කරවන්නට ප‍්‍රභූ පාලකියන් විසින් යොදාගන්නා පාරභෞතික සංසිද්ධි මැෂිමකි..
මෙහිදී ඇඩොල්ෆ් හිට්ලර් හෝ ජෝන් ඩොයිිලි හෝ ජේ.ආර්. ජයවර්ධන හෝ බණ්ඩාරනායක හෝ චෙල්වනායගම් යන චරිත පුද්ගලිකව විනිෂ්චය කර වරද මුළුමනන් ඔවුන් මත පැටවීම කතිකා-විද්‍යාවේ නියාම ධර්මයන්ට පටහැනි ය. මන්ද, ඔවුන් විසින් දේශපාලන කටයුතු ඉශ්ඨ සිද්ධ කරනු ලැබුවේ, කුඩා කළ සිට ඔවුන්ව පුරුදු පුහුණු කළ බෙදුම්වාදී කතිකාවක ශික්ෂණයකට අනුව ය.
හරි හෝ වැරදි හොඳ හෝ නරක ලෙස ඔවුන් ඉෂ්ට සිද්ධ කළේ ඔවුන් විසින් උගෙන ගත් දේ ය. ඔවුන්ගේ ජීවිත හැම එක එකක් පුදගලිකව ගත්ත ද, ඔවුන් යම් හෝ බෙදුම්වාදී කතිකාවක ගොදුරු ය. ඒ නිසා අප විසින් ගතයුත්තේ මනුෂ්‍ය පුද්ගලයින් ලෙස ඔවුන්ව බැහැර කිරීමට එහා ගිය ප‍්‍රවේශයකි. එනම් පුද්ගලයාට වඩා කතිකාව විශාල යන්න අවබෝධය මත පිහිටි පුළුල් ප‍්‍රවේශයකි.
ඒ නිසා අප විසින් සැලකිල්ලට ගත යුතු වන්නේ, මේ ඩොයිලියානු බෙදුම්වාදි කතිකා යන්ත‍්‍රය විසින් මනුස්ස ඉතිහාසයට සාධනීය සංවර්-ධනයක් අත්පත් කර දුන්නේ ද නැති නම්, නිෂේධනීය විනාශයක් ගෙන දුන්නේ ද යන්න පමණි. ඒ නිසා අප විසින් අප තුළ ම කුඩු සංසාර කරගත යුතුව පවතින්නේ, පරම්පරා ගණනාවක් පුරා අප තුළට මුල් ඇදී ඇති ඩොයිලියානු බෙදුම්වාදි කතිකා යන්ත‍්‍රයේ කේන්ද්‍රීය-සිතුම වන බෙදුම්වාදය යි. අප විසින් එරෙහි විය යුත්තේ, මෙම බෙදුම්වාදි කතිකාව ලක්දේශීය පෘථිවිය මත රෝපණය කළ ලන්ඩන් පරිපාලනය විසින් හඳුන්වාදුන් ඔවුන්ගේ ආයතනික ආධිපත්‍යධාරී හරය තුළ තිබූ ඒංගලන්ක බල-දේශපාලනයට (Power Politic) යි.
ඒ නිසා, අදටත් අප තුළ සහ අප අතර පවතින එංගන්තකයින් විසින් හඳුන්වාදුන් ඒ යටත්විජිත ආයතනවල හර-පද්ධතිය මුළුමනින් අහෝසි කළ යුතුව පවතී. එසේ නොකර අත්කරගත හැකි නිදහසක් නොමැත. එය අහෝසි කිරීම පටන්ගත යුුත්තේ ලක්වැසි මිනිසුන්ගේ සිත්සතන් කෙරෙනි. ලක්දේශයට නව-නූතන නිදහස් අරගලයක් උදෙසා එකිනෙකාට වෙනසකම් හෝ බෙදීමක් නොකරගන්නා සිංහල-දෙමල-මුස්ලිම්-මැලේ-බර්ග සමූහවාදයක් තුළින් ක‍්‍රියාන්විත වන පුනර්-ජීවන ව්‍යාපාරයක් අවැසිව ඇත්තේ ඒ නිසාවෙනි.
බෙදුම්වාය කේන්ද්‍රීය-සිතුම කරගත් කතිකාව වෙනුවට, ඊට බැහැරින් සමූහවාදය කේන්ද්‍රීය-සිතුම කරගත් නව-නුතන කතිකා යන්ත‍්‍රයක් ගොඩනැගිය යුතුව පවතී. බෙදුම්වාදය වෙනුවට සමූහවාදය යන සටන්පාඨය ලක්ජන සිත්-සතන් තුළ මුල් ඇදගන්නා තුරා මේ ව්‍යසනයෙන් ගැලවෙන්නට ලක් පීතෘභූමියට නොහැකි වනු ඇත. ජවිපෙ විසින් සමූහවාදය සහ එය බලාත්මක කරන නව-නූතන-පුනර්-ජීවන ව්‍යාපාරය බිහිකිරීම තම කේන්ද්‍රීය උපායමාර්ගය නොකරගතහොත්, පුනර්-ජීවන බලවේගයේ හිස්තැන ඩැහැගන්නට වෙනත් බෙදුම්වාදි සහ වරිගවාදී බලවේග ඩොයිලිවාදී ව්‍යාජ-ස්වදේශිකත්වයන් ද කරපින්නාගෙන දේශපාලන භූමියේ කරනම් ගසනු ඇත.
එහිදී, ඩොයිලිවාදී මතයකින් පැන නැගුණා වුව ද, ප්‍රචාරණයට වැඩියෙන් ප‍්‍රාග්ධනය පොම්ප වීමක් ලබන කේන්ද්‍රීය-සිතුම සහිත කතිකාව ඉබේ ම ජනයාගේ කතිකා යන්ත‍්‍රය බවට පත් වන්නේ ය. එය ම ජවිපෙ පරාජයට හේතු වනු ඇත. ඊට එරෙහිව ජවිපෙ විසින් ජනයා සහ ආයතන තුළ පවතින ඩොයිලිගේ කේන්ද්‍රීය සිතුම හෙළිදරව් කරන ව්‍යාපාරය සහ ව්‍යාපෘතිය ඇරඹිය යුතුව පවතී.
යටත්විජිත සමයේ දී එංලන්තක ලන්ඩන් පරිපාලනය විසින් ලක්දේශයෙන් ආර්-ථික දේපල, සම්පත් සහ ශ‍්‍රමය සොරා ගැනීම නැමති විලි ලජ්ජා නැති ක‍්‍රියාවට එරෙහිව ඇතිවිය හැකි සමූහවාදී විරෝධය සමනය කිරීම හෝ නිෂ්ක‍්‍රිය කිරීම සඳහා මේ බෙදුම්වාදී කතිකාව යොදා ගත්තේ ය. අදවන විට ඔඩුදුවපු රෝගයක් බඳු වී ඇති මේ බෙදුම්වාදී කතිකාව, ඩොලර් බිලියන 83.6ක විදේශ ණයෙන් ඇති වු ආර්-ථික බංකොලොත්භාවය ඩොලර් බිලියන 3ක අයිඑම්එෆ් ණයෙන් වසා ගන්නට බැරි බව හෙළිදරව් වීමේ විළි වසාගන්නට යොදාගන්නා කතිකා යන්ත‍්‍රයක් බවට පත්වී ඇත.
ඒ නිසා, මෙවන් මහා ආර්-ථික බංකොලොත්භාවයක් පවතිද්දී පවා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මේ අස්සට 13වන ව්‍යවස්ථා සංශෝධනයවල් ගෙනත් හදිසියේ දෙමල ජනයා වෙනුවෙන් ව්‍යාජ කඳුළු හෙලන්නේ සහ අඬමින් හැපෙන්නට හදන්නේ, දෙමල ජනයාට ඇති ආදරයක් නිසා නොවේ. ආර්-ථික බංකොලතේභාවයේ විළිය ඩොයිලිවාදී බෙදුම්වාදී කතිකා රෙද්දෙන් වසාගැනීම සඳහා ය.
ඉතිං, අපි යමුකො ජොසී, .... අපි යමුකො ජොසී ……. යමුකො ජොසී චන්දෙ දමන්න, දකුණු කකුල පෙරට තබා සටපට ගාලා.
(තව කොටසක් ලබන සතියේ)
@අරවින්ද හෙට්ටිආරච්චි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 26 වැනිදාය.
මේවායේ මෙච්චර යකඩ තියෙනවා කියල දැනන් හිිිිිිටියාද..?
ලංකාවේ දේශපාලනයෙහි මේ දිනවල ප්‍රකාශයට පත්වන ප‍්‍රධාන ප්රවණතා අතරින් දෙකක් හඳුනාගෙන
මොළ-මොළ අතර සන්නිවේදනය ආරම්භ වීමට නියමිතය.
ලංකාවේ පක්ෂ දේශපාලනය මුහුණ දෙන්නේ ව්‍යවස්ථාමය වශයෙන් 1982 කලගෙඩි ලාම්පු සෙල්ලමට ආසන්න යේ පැවති තත්ත්වයට ඉතා සමාන අත්දැකීමකට.
(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-South Asian හෙවත් “ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පල කරන ප්‍රාග්ධනය ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප්‍රකාශනය)
එදිනෙදා ජීවිතය සඳහා ජනී ජනයා දරන පරිශ්‍රමය මෙරට පාලකයන්ට දැනෙන බවක් පෙනෙන්නේ නැත. සාමාන්‍ය ජනතාව නොතකා ආණ්ඩුව ගන්නා තීන්දු එයට සාක්ෂියකි.
තමලු මලිත්ත පියදිගමගේ 'ප්රාග්ධනය' කෘතිය විශාල ලෙස ජනප‍්‍රිය වී තිබේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරය සඳහා පත්කිරීමට නුසුදුසු ඇයි දැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර තිබේ.
මෙරට ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 21 වැනිදා උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
මගේ මෙවර කිවිදා දැක්ම මේ වර්ෂයේ ලියන අවසාන තීරු ලිපියයි. 2023 වර්ෂය යනු බරපතළ ගැටලු ගණනාවකින්ම රටේ ආර්ථිකය වෙළී තිබූ කාලයක්ය.
සමන් වික්‍රමාරච්චි මනෝ විශ්ලේෂණය භාවිතයට පිවිසෙන්නේ X කණ්ඩායමේ ආභාෂය හරහාය.